Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පදක්කමක් පැලඳවීමෙන් පමණක් දරැවකු ශිෂ්‍ය නායකයකු බවට පත්වෙන්නේ නැහැ. පදක්කමක් පැලඳවීමෙන් දරැවකුට ලැබෙන්නෙ ශිෂ්‍යනායක භූමිකාවට අවශ්‍ය කරන බලතලවලින් කොටසක් පමණයි. ඉතිරි කොටස ශිෂ්‍යනායකයා තම දක්ෂතා, කුසලතා සහ පෞරැෂත්වය තුළින් උකහා ගත යුතුයි.
හික්කඩුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ දිමුතු අබේරත්න මහතා රත්ගම සිරිසුමන ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායකයනට නිල ලාංඡන පැලඳවීමේ උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමින් එසේ පැවසුවේය. විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් 34 දෙනකුට නිල ලාංඡන පැලඳවීම එහිදී සිදුවිය. විදුහල්පති නිමල් සිරිවර්ධන මහතාගේ මග පෙන්වීම මත විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කළහ.
එහිදී තවදුරටත් අදහස් පළකළ දිමුතු අබේරත්න මහතා මෙසේද කීවේය.
ශිෂ්‍ය නායකයකුට හැමවිටම මධ්‍යස්ථව හා බුද්ධිමත්ව කටයුතු කිරීමට හැකිවිය යුතුයි. එසේ නොවන විට ශිෂ්‍යනායක පදවිය තමාටම වදයක් බවට පත්විය හැකියි. රටකට නායකයන් අවශ්‍යයි. රටට අවශ්‍ය නායකයන් බිහිකිරීමේ මූලාරම්භය සිදුවෙන්නේ පාසලෙනුයි.
ඉදිරිපත්වීමේ හැකියාව නායකයකුට තිබිය යුතුයි. නායකයෙකු හැමවිටම අවංක විය යුතුයි. තමා යටතේ සිටින අනුගාමිකයන්ගෙන් යම් වරදක් හෝ අත් වැරුද්දක් සිදුවූයේ නම් ඒ සියල්ල ඉවසා දරාගැනීමට ද ඔහුට හැකිවිය යුතුයි. තිබෙන සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝජන  ගනිමින් තම අනුගාමිකයන් ජයග්‍රහණය කරා රුගෙන යන්නට නායකයාට හැකිවිය යුතුයි. 
රත්ගම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිනි අසෝකා මානවඩු, උප පොලිස් පරීක්ෂක රෝහණ, හික්කඩුව ජයන්ති විද්‍යාලයේ විදුහල්පති ධම්මික ප්‍රියදර්ශන, රණපනාදෙනිය ධර්මාරාම විද්‍යාලයේ විදුහල්පතිනි සුරේඛා මල්කාන්ති මෙන්ඩිස්, දොඩන්දූව රෝහණ විද්‍යාලයේ විදුහල්පති සී. සී. ලලිත් කුමාර, ගල්කෙමිනාව තිලක විද්‍යාලයේ විදුහල්පතිනි නිල්මිණි පෙරේරා, රත්ගම සර් අර්නස්ට් විද්‍යාලයේ විදුහල්පතිනි චිත්‍රා මානෙල්, කටුදම්පේ මලලංකාර විද්‍යාලයේ විදුහල්පති රැක්මන් ගුණවර්ධන යන මහත්ම මහත්මීන් අතින් නිල ලාංඡන පැලඳවීම සිදුවිය.
(රත්ගම ගාමිණි මහදුර)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.