තිරාණගම බෝධිරාජ මහ විදුහලට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්
- 2018-04-27 16:06:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගා/ තිරාණගම බෝධිරාජ මහා විද්‍යාලයේ නව ශිෂ්‍යනායක මණ්ඩලයට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගිය දා පැවැත්වුණි.
විදුහල්පති එස්. රෑපසිරි මහතාගේ ආරාධනයෙන් අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්. පී. චන්ද්‍රවතී මහත්මිය ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වූ අතර හික්කඩුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ දිමුතු අබේරත්න, කුලීගොඩ සුමන කනිටු විදුහලේ විදුහල්පතිනී බී. ඒ. ඩබ්ලිව්. කුමාරි, ගල්කෙමිනාව කනිටු විදුහලේ විදුහල්පතිනී ඩී. එන්. එන්. පෙරේරා යන මහත්ම මහත්මිහු ද ආරාධිතයෝ අතර වූහ.
විදුහලේ බටහිර තූර්ය වාදක කණ්ඩායම පෙරටු කොට පෙරහරින් ආරාධිතයන් කැඳවාගෙන ඒමෙන් අනතුරැව උත්සවය ආරම්භ විය.
ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස අසිඳු රැසිර පවන්ද ප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙස සතීදා හර්ෂණී, ප්‍රාථමික අංශයේ ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස රනුෂ් දිනෙල්ක සහ ප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙස නිමාෂා චන්දීපනී ද තේරී පත්වූහ. විදුහලේ සෞන්දර්ය අංශය ඉදිරිපත් කළ නර්තන හා ගීත ගායනාවලින් උත්සවය වර්ණවත් විය.
(හික්කඩුව විශේෂ අමරසේන විතානගේ)
Reply To:
Name - Reply Comment
0 Comments