තිසෝගම ශ්‍රී පාලි විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවෝ දිවුරැම් දෙති
- 2017-12-26 21:28:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළමුණු ඔයට හා දැදුරැඔයට මැදිවූ කුලි/ තිසෝගම ශ්‍රී පාලි මහා විද්‍යාලයේ 2017 - 18 නව ශිෂ්‍යනායක නායිකාවන් දිවුරැම් දීම හා නිල ලාංඡන පැලඳවීම බිංගිරිය අධ්‍යාපන කොට්ඨාසයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. කේ. රංබණ්ඩා මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ දී පසුගියදා පවැත්වුණි.
මෙම අවස්ථාවට විදුහල්පති හේමන්ත වාසල මහතාගේ ආරාධනය පරිදි දරැවන්ට අනුශාසනා ලබාදීම සඳහා කටුගම්පළ හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක, කොස්හේනාගාර ශ්‍රී බෝධියංගනාරාම විහාරාධිපති පූජ්‍ය දුන්කන්නාවේ විනීත හිමියන් හා තිසෝගම මීසම් පාලක ගරැ උපුල් සිල්වා පියතුමන් ද වැඩම කර තිබුණි.
මෙවර ශිෂ්‍යනායක කණ්ඩායම සඳහා සිසු දරැ දැරියන් 40 දෙනෙකු පත්කර තිබූ අතර ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස සචින්ත වික්‍රමනායක හා උපප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස හසිඳු මනෝජ් ශිෂ්‍යයන් ද ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස හිමාෂා සංදීපනී හා උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස නිපුනි දිනේෂා පත්ව සිටිති.
මෙහිදී සියලු ශිෂ්‍යනායක නායිකාවන් හට සෙත් පිරිත් සජ්ඣායනා කර පිරිත් නූල් බැඳීම ද නාහිමියන් විසින් සිදුකරනු ලැබුණි.
(සටහන / ඡායාරෑප - බිංගිරිය නන්ද. එස්. ඒකනායක)
Reply To:
Name - Reply Comment
0 Comments