තෙලහැර මහ විදුහලේ නර්තන කණ්ඩායමට සමස්ත ලංකා තරග වරම්
- 2019-09-24 16:04:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අංශය සංවිධානය කළ 2019 සමස්ත ලංකා නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගයේ වයඹ පළාත් තරගය සඳහා කොබෙයිගනේ අධ්‍යාපන කොට්ඨාසයේ අති දුෂ්කර පාසලක් වන තෙලහැර මහා විද්‍යාලයේ සිසුන් ඉදිරිපත් කරන ලද නර්තන අංග දෙකක් වයඹ පළාත් ප්‍රථම ස්ථාන දිනා සමස්ත ලංකා තරගයට සුදුසුකම් ලබා ඇත.
වයඹ පළාත් තරගයෙන් ප්‍රථම ස්ථාන හිමිවී ඇත්තේ එම විද්‍යාලයේ සිසුවියන් පිරිසක් ඉදිරිපත් කළ සබරගමු නර්තනයක් වන “කොවුලා වන්නම* නර්තනයට හා ගැමි නැටුම් අංගයක් වන “චාමර* නර්තනය යන නර්තන අංග දෙකටය.
මෙම නර්තන අංග පුහුණු කිරීම් කටයුතු සිදුකර ඇත්තේ එම විද්‍යාලයේ නර්තන ආචාරිනී ජේ.එම්.රසිකා කුමාරි මහත්මිය වන අතර විද්‍යාලයේ සංගීත ආචාරිනී එච්.එම්.ආර්.හේරත් මහත්මිය ඊට සහය ලබාදී ඇත.

(කොබෙයිගනේ - සුනිල් ප්‍රේමචන්ද්‍ර)
Reply To:
Name - Reply Comment
0 Comments