දකුණු ආසියා ඔලිම්පියාඩ් ලෝකඩ පදක්කම ටෙනොකිට
- 2020-02-27 09:40:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු ආසියානු ගණිත විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ දී කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ටෙනොකි සිනෙලිකා බෝධිසිරිණි ශිෂ්‍යාව ලෝකඩ පදක්කම දිනා ගෙන ඇතැයි විදුහල්පතිනි මල්ලිකා රණසිංහ මහත්මිය පැවසුවාය. 16 වැනි වතාවට පැවති මෙම තරගාවලියට රටවල් 24 ක තරගකරැවෝ තුන්සියයකට අධික සංඛ්‍යාවක් වියට්නාමයේ හැනොයි නුවරට පැමිණ සිටියහ.
මෙම තරග සඳහා පළාත් නවයෙන්ම තරගකරැවන් සිය දෙනෙකු තෝරා ගෙන තිබුණු අතර හය දෙනෙක් මෙම තරගාවලිය සඳහා වියට්නාමය බලා යාමට සුදුසුකම් ලබා සිටියහ. ඇගේ ඉදිරි අනාගත බලාපොරොත්තුව තාරකා විද්‍යාඥවරියක වීමට බව පැවසුවාය. විදුහල්පතිනි මල්ලිකා රණසිංහ මහත්මිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඇයට සහය ලබා දුන්හ.
(දමුණුපොළ චමින්ද ජයලත්)
Reply To:
Name - Reply Comment
0 Comments