Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශාන්ත ජෝන් ගිලන් සේවය සංවිධානය කළ ලෝක ළමා දින සැමරුම් උළෙල සහ ජාතික කිටී කඳවුර 2016 ‘ආරක්ෂාව හා පරිස්සම උදෙසා සිඟිති නායකත්වය‘ දැක්ම යටතේ පසුගියදා දඹුල්ල කිඹිස්ස ලෙනව ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්විණ. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් පැවැත් මෙම කිටී කඳවුරු සඳහා පාසල් 43ක් සහභාගී වූහ.

ශාන්ත ජෝන්  ගිලන් සේවයේ කඳවුර ප්‍රධාන උපදේශක ජනධිපති මෛත්‍රීපාල සිරිසේන, උපදේශක අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නිල රාජ්‍ය උපදේශකත්වය යටතේ ප්‍රධාන අණදෙන නිලධාරි වෛද්‍ය සරත් සමරගේ මහතාගේ උපදෙස් පරිදි සංවිධායක එම්.බී ගොඩමුන්න මහතාගේ මෙහෙයවීමෙන් කඳවුර පැවැත්විණ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක සහ මධ්‍යම පළාත් අධ්‍යපන අධ්‍යාක්ෂ ඊ. ටී. පී. කේ. ඒකනායක මහත්වරුන් නිල අධීක්ෂණ කාර්යය සිදු කෙරිණ. 

ආරක්ෂාව හා පරිසරය, අපේ ආහාර, අපේ යහපැවතුම්, ජලය, හැසීරීම, ගමනාගමනය, ඉතිහාසය, පිරිසිදුකම, ඉතුරුම්, ගවේශණ ආදී විවිධ තේමාවන් රැසක් ඔස්සේ කිටී සමාජිකයන් කඳවුරු තුළ දී පුහුණු කෙරිණ.

කඳවුර සඳහා සහභාගී වූ පාසල්

ලෙනව ප්‍රාථමික විද්‍යාලය, ගලේවෙල ප්‍රාථමික විද්‍යාලය, ගලේවෙල ඩි.එස් සේනානායක විද්‍යාලය, ගලේවෙල කිත්සිරිමෙවන් ප්‍රාථමික විද්‍යාලය, නාඋල මොන්ටි ගොපල්ලව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, මාතලේ සිරිමොවෝ බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, මාතලේ සුජාතා බාලිකා විද්‍යාලය, මාතලේ කඩුවෙල විද්‍යාලය, මාතලේ කොහොලන්වල ප්‍රාථමික විද්‍යාලය, ඉනාමළුව ප්‍රාථමික විද්‍යාලය, හලාවත ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය, හලාවත බෞද්ධ බාලිකා විද්‍යාලය, හලාවත බොරලැස්ස ප්‍රාථමික විද්‍යාලය, හලාවත ශුද්ධ වඋ පවුලේ බාලිකා විද්‍යාලය, කුරුණෑගල බෝයගනේ මහා විද්‍යාලය, නිකවැරටිය රජබිම විද්‍යාලය, නිකවැරටිය ජයන්ති නවෝද්‍යා මධ්‍ය මහා විද්‍යාලය, නිකවැරටිය විනිකුලිය මධ්‍ය මහා විද්‍යාලය, ඉබ්බාගමුව වයඹ ජනාධිපති ප්‍රාථමික විද්‍යාලය, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලය, කුරුණෑගල ශ්‍රීමත් ජොන් කොතලාවල මහා විද්‍යාලය, නිකවැරටිය වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලය, හලාවත ශාන්ත රීටා මහා විද්‍යාලය, කුලියාපිටිය කුඹුක්ගහමුල්ල මධ්‍ය මහා විද්‍යාලය, කුලියාපිටිය යකරවත්ත මහා විද්‍යාලය, කුරුණෑගල විදර්ශන විද්‍යාලය, පුත්තලම තලවිල ශාන්ත ආනා මහා විද්‍යාලය, හලාවත කුරුක්කුව සුගතානන්ද මහා විද්‍යාලය, කෑගල්ල කෑගලු විද්‍යාලය, කෑගල්ල බමුණුගම මලියදේව විද්‍යාලය, කෑගල්ල උඩම්බා සියඹලාපිටිය විද්‍යාලය, කෑගල්ල තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලය, කෑගල්ල දැදිගම ප්‍රාථමික විද්‍යාලය, කැලණිය සපුගස්කන්ද සෝභිත විද්‍යාලය, කැලණිය විශාඛා බාලිකා විද්‍යාලය, කැලණිය ගුරුකුල විද්‍යාලය, බියගම කනිටු විද්‍යාලය, පිළියන්දල ඇරැව්වල ධර්මපාල විද්‍යාලය, කැලණිය ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලය, ජයවර්ධනපුර මුල්ලේරියාව මහා විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල බී.ටී.එස් විද්‍යාලය, මොනරාගල ඇතිමලේ ප්‍රාථමික විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, වේල්ස් කුමර විද්‍යාලය, මොරටුව, බදුල්ල ධර්මදූත විද්‍යාලය.

A1 A2 A3 A4 A5 A6 A7 A8 A9 A10 A11 A12 A13 A14 A15 A16 A17 A18

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.