දරැවන්ගේ ආරක්ෂාව පිළිබඳ මවුපියන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්
- 2017-11-17 19:55:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දරැවන්ගේ ආරක්ෂාව පිළිබඳව මාපියන් දැනුම්වත් කිරිමේ වැඩ සටහනක් ලෝක ළමා දිනය වෙනුවෙන් පසුගියදා අගලවත්ත ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැතිණි.
ළමාපිය වැඩිහිටි සෙනෙහස රඳවමු - සොඳුරැ ලොවක් වෙත දරැවන් කැඳවමු” යන පාඨයට තේමාව කරගත් මෙම වැඩසටහනේදී දැයේ අනාගතය වන තම දරැවන්ගේ ළමාවිය හිංසනයෙන් තොරව ආරක්ෂිත සරල සොඳුරැ ආකාරයෙන් ගත කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව මාපියන් දැනුම්වත් කෙරිණි.
මෙම වැඩසටහනට අගලවත්ත සහකාර ප්‍රාදේශිය ලේකම් මධුසරණි රාජපක්ෂ, පරිපාලන නිලධාරි විජේසේකර ආරච්චි, වනිතා සංවර්ධන නිලධාරි වෙරෝනිකා, දේශිය වෛද්‍ය සංවර්ධන නිලධාරි පරනේ සන්න මනෝ, සංවර්ධන නිලධාරි සනත් නාකන්දල, සුපිපි පෙරපාසල් පාලිකා සේවිකා අතුකෝරළ යන මහත්ම මහත්මීහු ඇතුළුමාපියෝ විශාල පිරිසක් සහභාගි වූහ. ළමාහිමිකම් ප්‍රවර්ධන නිලධාරි යු.කේ. කුමාර මහතා සහ මුල්ළමාවිය සංවර්ධන නිලධාරි පී.වී.කේ. කුමාරි මිය වැඩසටහන සංවිධානය කරනු ලැබූ අතර වැඩසටහනට අනුග්‍රහය දැක්වූයේ ළමා ලේකම් කාර්යාලයයි.
Reply To:
Name - Reply Comment
0 Comments