දහම් අධ්‍යාපනයෙන් අාධ්‍යාත්මික හැදියාවක් සහිත දරැවන් සමාජයට දායාද කළ හැකියි හික්කඩුව දකුණ ශාසනාරක්ෂක
- 2018-12-05 16:22:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
&අධ්‍යාපනයෙන් කොතරම් ඉහළට ගියත් අාධ්‍යාත්මික හැදියාවක් නොමැති දරැවන්ගෙන් ගුණ ගරැක යහපත් සමාජයක් හැදෙන්නෙ නැහැ. මේ නිසා අාධ්‍යාත්මික හැදියාවක් සහිත දරැවන් බිහිකර ගැනීම සඳහා හැම දරැවෙකුටම දහම් අධ්‍යාපනය ලබා දෙන්නට හැම මාපියෙකුම උත්සාහ කළ යුතුයි.
හික්කඩුව දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී තංගල්ලේ අනුරැද්ධ හිමියෝ බූස්ස, හෑගොඩ ශ්‍රී නීග්‍රෝධාරාම පුරාණ මහා විහාරස්ථ ශ්‍රී සුමනතිස්ස දහම් පාසලේ 68 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ අනුශාසනාවක් සිදුකරමින් එසේ පැවසූහ.
ප්‍රධානාචාර්ය සහ හික්කඩුව දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති හෑගොඩ අස්සජි හිමියන්ගේ අනුශාසනා පරිදි දහම් පාසල් ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. තවදුරටත් අදහස් පළකර සිටි උන්වහන්සේ මෙසේද පැවසූහ.
&ඉතිහාසය දන්න සභ්‍යත්වය හා සදාචාරය රකින ගුණ යහපත් දරැ පරපුරක් මේ රටේ තිබෙන දහම් පාසල් තුළින් බිහිකළ යුතුයි. දහම් අධ්‍යාපනය නොලබන දරැවන්ට වඩා දහම් අධ්‍යාපනය ලබන දරැවන් තුළ ලොකු වෙනසක් දැකගත හැකියි. අම්මා, තාත්තාට, ගුරැවරැන්ට සහ වැඩිහිටියන්ට සලකන්න දන්නෙ දහම් අධ්‍යාපනය ලබන දරැවන් පමණයි. දහම් අධ්‍යාපනය ලබන දරැවා වැරදි වැඩ කරන්න බයයි. වරදක් කළත් ඒ වරද පිළිගන්න කැමති වෙනවා.*
බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උක්වත්තේ චන්දිම, හෑගොඩ සෝමානන්ද යන හිමිවරැ ද මෙම උත්සවයට වැඩම කළහ. දකුණු පළාත් සභා මන්ත්‍රී ආරියවංශ මහතා, ගිංතොට මහා විද්‍යාලයේ විදුහල්පති මේජර් රෝහිත නන්දසේන, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සාමාන්‍යාධිකාරී ටී.එල්.චන්ද්‍රසිරි, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශක්ති නාලක යන මහත්වරැන් අතින් සිසුන්ට ත්‍යාග හා සහතික පත් පිරිනැමීම සිදුවිය.
(රත්ගම ගාමිණී මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments