Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

“දරැවෝ වැඩිවියට පත්වන විට වැඩි වැඩියෙන් අම්මා තාත්තා එම දරැවන්ට ආදරය සහ කරැණාව දැක්විය යුතුයි. එසේ නොවන විට එම දරැවන් අම්මා තාත්තාගෙන් නොලැබෙන ආදරය කාගෙන් හෝ ලබා ගන්නට උත්සාහ කරනවා. දරැවන් මවුපියන්ගෙන් ඈත්වීම අද විශාල සමාජ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.
හික්කඩුව දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි තංගල්ලේ අනුරැද්ධ හිමියෝ බූස්ස වැල්ලබඩ ඩී. එන්. සෙනෙවිරත්න දහම් පාසලේ 37 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ අනුශාසනාවක් පවත්වමින් එසේ පැවසූහ.
එහිදී තවදුරටත් අදහස් පළකර සිටි උන්වහන්සේ මෙසේද පැවසූහ.
“කුඩා කල පටන්ම තමන්ගේ කටයුතු කරගන්න දරැවන්ට පුරැදු කළ යුතුයි. තමන්ගේ දරැවට පමණක් හැමදේම ලබාදීලා ඔහු පමණක් උගතෙකු කිරීමට උත්සාහ නොකළ යුතුයි. දහම් පාසලේ දී පමණක් නොව හැම තැනකදීම ගුණගරැකව හැසිරෙන්න දරැවන්ට කියාදිය යුතුයි. බෞද්ධ අප තුළ තිබූ යහපත් ගුණධර්ම බොහොමයක් විනාශ වෙලා. ඒවා නැවත ඇති කරගැනීමට හැම දෙනෙක්ම උත්සාහ කළ යුතුයි.*
බූස්ස මහා විද්‍යාලයේ විදුහල්පතිනී ප්‍රභා විජේසිංහ, සහකාර රේගු නිලධාරි උමයංග ධම්මික, ප්‍රධානාචාර්ය ඩී. ජනක ප්‍රේමලාල්, හිටපු ප්‍රධානාචාර්ය ඩී. ඩැනියල්, බූස්ස ශ්‍රී නවෝද්‍යා දහම් පාසලේ ප්‍රධානාචාර්ය එස්. සුසිල් වසන්ත යන මහත්ම මහත්මීන් අතින් සිසුන්ට ත්‍යාග හා සහතික පත් පිරිනැමීම සිදුවිය.
(රත්ගම ගාමිණී මහදුර)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.