දැනුම මිනුම ශූරතාව දෙකටන පද්මාවතී මැදි විදුහලට
- 2020-01-31 08:59:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාළිද ලින්ක් නැචුරල් නිෂ්පාදන ආයතනය වාර්ෂිකව සංවිධානය කරන දොම්පේ අධ්‍යාපන කොට්ඨාෂයේ අන්තර් පාසල් දැනුම මිනුම අභියෝගය තරගාවලියේ 2019 ජ්‍යෙෂ්ඨ අංශයේ ශූරතාව ලකුණු 190ක් ලබාගත් දෙකටන පද්මාවතී මධ්‍ය විද්‍යාලයට හිමිවිය.
එම කොට්ඨාශයේ පාසල් 15ක තරග කණ්ඩායම්වල සහභාගීත්වයෙන් මූලික තරග පැවැති අතර ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ අංශවල අවසන් තරග පාළුගම සණස උත්සව ශාලාවේදී පැවැත්විණ.මෙහිදී ලකුණු 140ක් ලබාගනිමින් කණිෂ්ඨ අංශයේ ශූරතාව පූගොඩ ඕවිටිගම ප්‍රාථමික විදුහල අත්කර ගත්තේය.
මෙහිදී ලකුණු 160ක් ලබාගත් කිරිදිවැල සංඝමිත්තා බාලිකා විදුහලට ජ්‍යෙෂ්ඨ අංශයේ අනුශූරතාවයද, ලකුණු 130ක් ලබාගත් ගිරිදර ශ්‍රීබෝධි විද්‍යාලයට කනිෂ්ඨ අංශයේ අනුශූරතාවද හිමිවිය.
තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ හොඳම තරගකාරිය ලෙස කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විදුහලේ එන්.බී.කළුආරච්චි සිසුවියද, ප්‍රාථමික අංශයේ හොඳම තරගකාරිය ලෙස ජී.ජී.සදලි දම්සාරා සිසුවියද තිළිණ ලබාගත්හ.
විශිෂ්ට පාසලක්, නිපුණ සිසු පරපුරක් යන තේමාව යටතේ ඉතිහාසය, ගණිතය, විද්‍යාව හා සිංහල අංශ මූලික කොටගෙන මෙම දැනුම මිනුම තරගාවලිය පැවැති අතර තරග විනිශ්චය හිටපු ගණිත විෂය ගුරැ උපදේශක විජයදාස හේවාවිතාරණ මහතා හා ආර්.එච්.එස්.පතිරාජ, එස්.ඒ.එල්.සුසිල් , අනෝමා රෝහිණී යන ගම්පහ කලාපයේ ගුරැ උපදේශක මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරැ මඩුල්ලක් සිදු කළහ.
ලින්ක් නැචුරල් නිෂ්පාදන ආයතනයේ කළමනාකරැ ( ආයතනික සම්බන්ධතා) ප්‍රියන්ත කොලොන්නේ , සහකාර කළමනාකරැ චතුර ජීවන්ත,යන මහත්වරැන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
(කිරිදිවැල - උපාලි රණවීර)
Reply To:
Name - Reply Comment
0 Comments