දිවුලපිටිය ශ්‍රී ඥානාවාස මහා විද්‍යාලයේ නව ශිෂ්‍ය නායක නායිකාවෝ දිවුරැම් දෙති
- 2018-09-11 09:56:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවුලපිටිය ශ්‍රී ඥානාවාස මහා විද්‍යාලයේ නව ශිෂ්‍යනායක නායිකාවන්ගේ දිවුරැම් දීම, වැඩ බාර ගැනීම හා නිල ලාංඡන පැලඳවීමේ උත්සවය මිනුවන්ගොඩ කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) කේ.එල්. සනත් කඹුරැගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේදී පැවැත්වුණි.
විදුහල්පති පූජිත ප්‍රේමතිලක මහතා සහ නියෝජ්‍ය විදුහල්පතිවරැ වන සුදන්ති මංජුලා ගුණසිංහ මහත්මිය හා ටී.සී.එස්. පෙරේරා මහතා ඇතුළු ගුරැ මණ්ඩලය මෙම උත්සවය සංවිධාන කළහ. මෙහිදී නවක සිසු නියමුවෝ හැත්තෑ පස් දෙනෙක් පත්වීම් ලදහ.
විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ඉරේෂ් කරැණානායක, ප්‍රධාන ශිෂ්‍ය නායිකා චතුරානි පියුමිකා ජයතිලක, උප ප්‍රධාන ශිෂ්‍ය නායක ප්‍රසංග පුමුදිත උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා චතුරිකා චිත්‍රාංගනී යන සිසු සිසුවියෝද ප්‍රාථමික අංශයේ ප්‍රධාන ශිෂ්‍යනායක අරිත දිනුසර, ප්‍රධාන ශිෂ්‍යනායිකා අමාෂා දිල්හානි විජයරත්න, උප ප්‍රධාන ශිෂ්‍යනායක නදින සත්මිණ විජයරත්න, උප ප්‍රධාන ශිෂ්‍යනායිකා ලිහිණි චමෝදි යන සිසුසිසුවියනට මෙහිදී ආරාධිතයන් අතින් නිල ලාංඡන පැලඳවීම සිදුවිය.
මිනුවන්ගොඩ කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (බුද්ධ ධර්මය) ජී.එන්.එච්. ගවරතැන්න දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.එච්.එම්.එන්. ජයපත්ම යන මහත්වරැද සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ඉංග්‍රීසි) අනුෂා නාමරත්න මෙනෙවිය ඇතුළු ප්‍රදේශයේ විදුහල්පතිවරැ, ගුරැ උපදේශකවරැ ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
බන්දු සේනාරත්න සහ ලීනස් ප්‍රිය ජයසිංහ යන ගුරැ මහත්වරැ ශිෂ්‍ය නායක නායිකාවන් භාරව කටයුතු කරති.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments