දිවුලපිටිය හල්පේ ඒකනායක කනිටු විදුහලට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්
- 2018-11-26 16:09:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවුලපිටිය හල්පේ ඒකනායක කනිටු විදුහලේ ඉදිරි වසර සඳහා වන නව ශිෂ්‍ය නායක නායිකාවන් දිවුරැම්දීම එම විදුහල් ශාලාවේදී පසුගියදා සිදුකෙරැණි.
හල්පේ ශ්‍රී මුනින්දාරාම විහාරාධිපති මීරිගම ශාසනවර්ධන පිරිවෙන් ආචාර්ය ඉඳුරැවේ නාරද හිමියන් විසින් මූලික ආගමික වතාවත් පැවැත්වීමෙන් පසුව විදුහල්පති පී. අයි.ජයවර්ධන මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් තෝරා ගන්නා ලද සිසු සිසුවියෝ තිස් දෙදෙනෙක් මෙහිදී සිසුනියමුවන් ලෙස පත්වීම් ලදහ. ඊ.ආර්. නිරෝෂන් කාවින්ද හා ඊ.ආර්. ෂෙශානි සඳමිණි විද්‍යාලයීය ප්‍රධාන ශිෂ්‍ය නායකයා හා නායිකාව ලෙස පත්වීම් ලදහ.
උප ප්‍රධාන සිසුනියමුවන් වශයෙන් ඩබ්ලිව්. හෂාන් උදයංග හා යූ.එල්. හංසිකා සෙව්වන්දි පත්වීම් ලද අතර කනිෂ්ඨ ශිෂ්‍ය නායකයා හා නායිකාව ලෙස සෙනුල් දම්සර සිසුවා හා කවීෂා දේවින්දි පත්වීම් ලැබූහ. එච්.ඒ. පසන්ති ගුරැතුමිය දිවුරැම්දීමේ ප්‍රතිඥාව කියවද්දී නවක සිසුනියමුවෝ දිවුරැම්දුන්හ.
අනතුරැව දෙමාපිය වන්දනාවටද නවක සිසුනියමුවෝ එක්වූහ. පාසල් නියාමන ගුරැ උපදේශක අයි.එස්.ඒ. සමන්ති මහත්මිය ඇතුළු ආරාධිතයන් පිරිසක්ද මේ අවස්ථාවට එත්ව සිටියහ.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments