දෙබොක්කාව විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවෝ නිල ලාංඡන පලඳිති
- 2019-10-01 09:58:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තංගල්ල අධ්‍යාපන කලාපයට අයත් දෙබොක්කාව මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය එම විද්‍යාලයේදී පසුගිය දා පැවැත්වුණි. ශිෂ්‍යනායක නායිකාවන්ට නිල ලාංජන පැලඳවීම ආරාධිත අමුත්තන් අතින් සිදුවිය.
විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය ජූලම්පිටියේ කරැණාසාර හිමිපාණන්ගේ අනුශාසනාවෙන් පසු උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කෙරැණු අතර තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඕ.පී.ජී.නිලානි මහත්මිය, තංගල්ල කලාපයේ උපදේශන විෂය භාර ගුරැ උපදේශක එම්.ටී.එච්.රේණුකා මහත්මිය සහ තලාව රත්මල්වල , කැන්දකැටිය, උස්වැව, පහළගම,දබරුල්ල ඇතුළු අවට විද්‍යාලවල විදුහල්පතිවරැ මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.
විද්‍යාලයේ විදුහල්පති එච්.සමරනායක මහතා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

(මිද්දෙනිය විශේෂ පී.පී.ඒ. කුමාරදාස)
Reply To:
Name - Reply Comment
0 Comments