Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2018 වර්ෂයේ ජාතික ශිෂ්‍ය භට බලකාය මගින් පැවැති සමස්ත ලංකා 
ද සොයිසා කුසලාන තරගාවලියේ දී ලකුණු 2285.67ක් ලබා ගත් මහනුවර උසස් බාලිකා විදුහල සිය 140 වසරක ඉතිහාසය තුළ ප්‍රථම වරට සමස්ත ලංකා ශිෂ්‍ය භට බාලිකා  ද සොයිසා කුසලානය හිමි කර ගැනීමට සමත් විය.
අධ්‍යක්ෂ පරීක්ෂණය, ජීව වෙඩි තැබීම, ඝන සරඹ, ආත්ම විශ්වාස හා ඝන සරඹ සංදර්ශනය යන අංශවල ප්‍රථම ස්ථානත්, භට නිවාස හා ශාරීරික අභ්‍යාස පරීක්ෂණයෙන් තුන් වැනි ස්ථානයත් විදුහලට හිමි විය. දක්ෂතම ආත්ම විශ්වාස භටවිය ලෙස එල්. පී. එස්. දිසානායකත්, දක්ෂතම අණ දෙන්නිය හා අතිශූර ශිෂ්‍ය භටවිය ලෙස සැරයන් එච්.ඩී.කේ පෙරේරා ශිෂ්‍යාවත් තේරැණු අතර උසස් බාලිකා ශිෂ්‍ය භට ඛණ්ඩය ජනාධිපති බාලිකා ඛණ්ඩය ලෙස අභිෂේක ලැබී ය.
විදුහල්පතිනි එම්.අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත විදුහලේ ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩයේ ලුතිනන් ඉඳුනිල් සෙනෙවිරත්න මහත්මිය හා කපිතන් එස්.කේ.වික්‍රමසිංහතුමාගේ මෙහෙයවීම යටතේ පුහුණුව ලබා ඇති අතර එහි විශේෂ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.


( ඇන්ටන් විජේරත්න)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.