නාඋල පොලිසියෙන් පාසල් සිසුන්ට පාවහන්
- 2018-11-26 16:16:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නාඋල - අඹන ප්‍රදේශයේ තෝරාගත් පාසල් විස්සක සිසුන්ට පාවහන් ලබාදීමට නාඋල පොලිස්ථානාධිපතිවරයා පියවර ගත්තේය.
පොලිස් ජංගම සේවයට සමගාමිව නාඋල සේනාගම ප්‍රදේශයේ පවත්වාගෙන යනුලබන පොලිස් මුරපොළේ දී නාඋල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජේසුන්ර මහතා විසින් පාවහන් ලබාදීම සිදුකරන ලදී.
මිට අමතරව නාඋල - අඹන ප්‍රදේශයේ වැඩිහිටි මවුපියන්ට අවශ්‍ය කරන ඇඳුම් ලබාදීමට ද ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.
ගමට පොලිසිය සංකල්පය යටතේ ක්‍රියාත්මක පොලිස් ජංගම සේවයට සමගාමීව සේනාගම ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය,අපරාද මැඬපැවැත්වීම, විවිධ ප්‍රජා සත්කාර සේවා ඇතුළු වැඩසටහන් රුසක් ක්‍රියාත්මකය.
ප්‍රදේශයේ දුප්පත් පවුල් ජීවත්වන නිවාස අලුත්වැඩියා කිරීම් ද ජංගම සේවයට සමගාමිව සිදුකෙරැණි. නාඋල පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය හා සිවිල් ආරක්ෂක කමිටුව ප්‍රදේශවාසින් සමග එක්ව ප්‍රජා සත්කාරක කටයුතුවල නිරත වන බව නාඋල පොලිසිය සඳහන් කළේය.
(නාඋල - ඉන්දික අරැණ කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments