නාඋල මහජන පුස්තකාල කියවීම් කඳවුර දා
- 2019-06-11 15:37:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සංවිධාන කරන ජාතික කියවීම් මාසයට සමගාමීව පැවැත්වෙන ප්‍රාදේශිය කියවීම් කඳවුරක් නාඋල මහජන පුස්තකාලයේදී ඉකුත් දා පැවැත්වුණි.
නාඋල ශ්‍රී නාග ආදර්ශ පාසලේ සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධාන කර තිිබූ කඳවුර නාඋල ප්‍රාදේශිය සභා පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වුණි.
දරැවන්ගේ කියවීමේ රැචිය වර්ධනයට ක්‍රියාත්මක කර තිබූ මෙම කඳවුරට විශේෂාංග රුසක් එක්කර තිබීම විශේෂත්වයකි. නාඋල කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ව්‍යාපෘති නිලධාරි කපිල මිල්ලවිතාන ආරච්චි මහතා විසින් වැඩසටහනේ දේශනය පැවැත් වූ අතර නාඋල ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් දසනායක හා සභා ලේකම් උපුල් යන මහත්වරැන්ගේ උපදෙස් අනුව වැඩසටහන ක්‍රියාවට නංවා තිබුණි.
නාඋල මහජන පුස්තකාලයේ පුස්තකාලාධිපතිනි බී.ජී. රෑපා මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය,ප්‍රජා සංවර්ධන නිලධාරී අයි.කේ. අබේරත්න, ශ්‍රී නාග ආදර්ශ පාසලේ ආචාර්ය එන්.එස්.පී. පල්ලේගෙදර හා සම්පත් හේරත් යන ගුරැ මහත්ම මහත්මීහු ද වැඩසටහනට එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments