නාත්තණ්ඩිය ජනාධිපති විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන
- 2019-12-19 09:19:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හලාවත අධ්‍යාපන කලාපයේ නාත්තණ්ඩිය ජනාධිපති විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැලඳීමේ උත්සවය හලාවත අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යක්ෂ එස්. ඒ. එම් සද්ධාමංගල හා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ඉන්ද්‍රජිත් සේනාරත්න යන මහත්වරැන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
විද්‍යාලයේ 05 වසර සිට 13 වසර දක්වා සිසු සිසුවියන් 133 ක් 2020 වසර ශිෂ්‍ය නායක නායිකාවන් ලෙස තෝරා ගෙන තිබූ අතර මෙහිදී ඔවුනට නිල ලාංජන පැලඳවීම සිදු විය.
එම විද්‍යාලයේ සිසු සිසුවියන් ඉදිරිපත් කළ නර්තන අංගයන්ගෙන් උලෙළ අලංකාර වත් වී තිබුණි.
සිසු සිසුවියන්ගේ මවුපියෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments