නාරාහේන්පිට ශ්‍රී පරාක්‍රමබාහු මහා විද්‍යාලයෙන් චිත්‍ර ප්‍රදර්ශනයක්
- 2018-03-25 10:54:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිසු දරැ දැරියන්ගේ පාසල් අධ්‍යාපනය හා කුසලතා සංවර්ධනය උදෙසා බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් සිදුකරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් නාරාහේන්පිට ශ්‍රී පරාක්‍රමබාහු මහා විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
එහිදී 6 වසරේ සිට 13 වසර දක්වා සිසු සිසුවියන්ගේ චිත්‍ර ඇතුළත් චිත්‍ර ප්‍රදර්ශනයක් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි. &ද රෑ ඉන් ආර්ට්ස් ඉස්ටන් ටැලන්ට් ෂෝ* නමින් එය නම්කර තිබුණි.
මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශිය ලේකම්තුමිය ප්‍රසාදි උබයසිරි, සමාජ සේවා අධ්‍යක්ෂිකා ඒ. වී. වජිරා දමයන්ති, විද්‍යාලයීය විදුහල්පතිනි එම්. ඩී. ඩී. විජිතානී මහත්මිය, සංවර්ධන නිලධාරිනී සමන්මලී රත්නායක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙම චිත්‍ර ප්‍රදර්ශනයට සහභාගි වූ සියලු දරැ දැරියන් සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද සිදුවිය.
(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments