නිවත්තකචේතිය මහා විද්‍යාලයේ නව සිසුනායක නායිකාවෝ පත්වෙති
- 2019-10-01 09:17:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
&නායකයන් කතා කළ යුත්තේ තම කණ්ඩායමේ සාමාජිකයන්ගේ හදවතටයි. කනට නොවෙයි. කනට කතාකරන දේ ඉන්පසු අමතක වන නමුත් හදවතට කතාකරන දේ සදාකල් මතකයේ රුඳෙනවා. නායකයෙකුට අනෙක් අයට සවන්දීමේ දයාබර හදවතක් තිබිය යුතුයි* අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂානි මංගලිකා හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
ඇය එසේ පැවසුවේ අනුරාධපුර නිවත්තකචේතිය මහා විද්‍යාලයේ වාර්ෂික ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය අමතමිනි.
උතුරැමැද පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.තිලක බණ්ඩාර,උතුරැමැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සමන් බන්දුලසේන, පළාත් ඉඩම් කොමසාරිස් සම්පත් ධර්මදාස,ජාතික ශිෂ්‍යභට බලකායේ උතුරැ මැද පළාත් ආඥාපති සරත් අමරසිංහ හා අනුරාධපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ගයාන් සමරකෝන් මහත්වරැද, නිවත්තකචේතිය විද්‍යාලයේ විදුහල්පති එස්.එම්.කුසුම්තිලක් මහතා සමග අවට විදුහල්වල විදුහල්පතිවරැ ද එම අවස්ථාවට එක්වූහ. සිසුහු 4000කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබන එම විදුහලේ 2019-2020 වර්ෂය සඳහා පත්කරන ලද දෙසීයකට ආසන්න ශිෂ්‍යනායක පිරිසට එම අමුත්තන් අතින් පදක්කම් පලදවනු ලැබිණි.

(රඹෑව මනුල වික්‍රම)
Reply To:
Name - Reply Comment
0 Comments