Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලිය 2017 කෙටි නාට්‍ය අංශයේ ප්‍රථමස්ථානය දිනා ගැනීමට බප/පිළි/නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ නාට්‍ය කණ්ඩායමට හැකිවිය. අධ්‍යාපන අමාත්‍යාංශය හා ටවර් හෝල් රඟහල පදනම මගින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියේ තිළිණ හා සම්මාන ප්‍රදානෝත්සවය ටවර් හෝල් රංග ශාලාවේදී පැවැත්වුණි. එහිදී කෙටි නාට්‍ය අංශයේ පාසල් 19 ක් අතරින් ප්‍රථම ස්ථානය මෙම පාසලට හිමිවිය. තවද මෙම නාට්‍යයට කෙටි නාට්‍ය අංශයේ සම්මාන 7 ක් ද හිමිවිය. ඒ අනුව හොඳම නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, ඩබ්.ඒ.ඩී. ප්‍රනාන්දු මිය නාට්‍ය හා රංග කලාව හොඳම නිළිය (දමන්තා දෙව්ඳුනි පෙරේරා), හොඳම පිටපත් රචනය (අමන්දා ශෙහානි) ආදී සම්මාන හතරක් හා රංගනය වෙනුවෙන් එනුරි උපේජා හා හේෂාණි දෙව්මිණි ද පසුතල නිර්මාණය වෙනුවෙන් පංචාලි ඊක්ෂණා ද ජූරියේ සම්මාන තුනක් ඇතුළුව සම්මාන හත දිනා ගත්හ.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ නාට්‍ය කණ්ඩායමේ ශිෂ්‍යාවන් පැවසුවේ තම ජයග්‍රහණය පසුපස    විදුහල්පතිනි, අසුන්තා චාන්දනී පෙරේරා විදුහල්පතිනිය නිරන්තර ශක්තියක් වූ අතර නාට්‍ය හා රංග කලාව විෂය භාර ඩබ්.ඒ.ඩී. ප්‍රනාන්දු හා සුජානි විජේකෝන් ගුරැ මෑණිවරැන් අප ධෛර්යවත් කළ බවත් නාට්‍ය අංශයෙන් තම පාසල අනභිභවනීය තත්ත්වයට පත්කිරීම තම උත්හාසය බවත්ය. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.