නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක
- 2019-08-09 15:31:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මත්ද්‍රව්‍ය නිවාරණ මාසය නිමිති කරගෙන පාසල් ළමයි දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සහ රැක් රෝපණ වැඩසටහනක් නුගේගොඩ සාන්ත ජෝන් විදුහල් ප්‍රාථමික අංශයේ දී පසුගියදා පැවැත්විණි.
මෙම වැඩසටහන සාන්ත ජෝන් විදුහල් ප්‍රාථමික අංශය හා කොහුවල පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයත්, පරිසර පොලිස් ඒකකයත් ඒකාබද්ධව සංවිධානය කරනු ලැබ තිබිණි. මෙහිදී සිසුන් හට පරිසරය සුරක්ෂිත කිරීමේ වැදගත්කම ගැන දැනුම්වත් කරමින් කොහුවල පොලීසිය විසින් පාසල් ප්‍රාථමික අංශයේ සිසුන් වෙත රැක් රෝපණය සඳහා පැළ වර්ග බෙදා දීමක් ද සිදුකරනු ලැබිණි.
එහිදී ගල්කිස්ස දිස්ත්‍රික්ක භාර සහකාර පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, කොහුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා, පාලන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පරණගම, ප්‍රජා පොලිස් ඒකකයේ පොලිස් කොස්තාපල් (84968) පද්මකුමාර, පරිසර ඒකක පොලිස් කොස්තාපල් (71548) කපිල ප්‍රජා සංවර්ධන නිලධාරි අනුර රතනවීර, විදුහල්පති ප්‍රාථමික අංශය භාර එච්.ජී.කේ.ජයලත් මහත්මිය ඇතුළු පාසල් සිසුන් ලබාගත් පැල සමග සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
දෙහිවල - එච්.එම්.ධර්මපාල
Reply To:
Name - Reply Comment
0 Comments