නුවරඑළියේ හසන්ති බාලිකා රෙජිමේන්තුවේ සැරයන් මේජර් තනතුරට පත්වේ
- 2017-12-26 21:34:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නුවරඑළිය යහපත් එඩේරාගේ බාලිකා මහ විදුහලේ 13 වසරේ අධ්‍යාපනය ලබන හසන්ති පියුමාලි සිසුවිය බාලක රෙජිමේන්තු සැරයන් මේජර් තනතුරට පත්වී ඇත.
රංටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයේ පැවැති පුහුණු සැසියේ දී හසන්ති පියුමාලීට මෙම තනතුර හිමිවී ඇත.
නුවරඑළිය යහපත් එඩේරාගේ බාලිකා මහ විදුහලේ 13 වසරේ අධ්‍යාපනය ලබන පියුමාලී විදුහල් නාවික කැඩේට් කණ්ඩායමේ නායිකාව වේ.
රංටැඹේ හා ත්‍රිකුණාමලයේ නාවික පුහුණු මධ්‍යස්ථානවල පුහුණුව ලැබූ පියුමාලී සන්නද්ධ බලකාය හා පොලිසිය ඇතුළු සියලුම භට කණ්ඩායම් අතරින් එක් අයෙකුට පමණක් පිරිනැමෙන මෙම තනතුරට නුවරඑළියෙන් තේරී පත්වූ සිසුවිය හසන්ති පියුමාලී වේ.
ඇගේ මෙම ගමනට මාපියන් හා විදුහලේ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය නිරතුරැ අත්වැල් සපයා ඇත.
(නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments