Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

“බොහෝ දෙනෙකුට සුළු දේකටත් තරහා යනවා. එහෙම තරහ යන්නේ ඉවසන්න බැරි නිසයි. ඉවසීම ඇති කරගන්න අපේ ජීවිතවලට එකතු කරගත යුතු බොහෝ දේ තිබෙනවා. සමාජයේ රණ්ඩු සරැවල් ඇතිවන්නේම ඉවසන්න බැරි නිසයි. අපරාධවලින් ඉහවහා ගිය මේ ලෝකේ බොහෝ අපරාධ සිදුවන්නේ ද ඉවසන්න බැරිකම නිසයි.*
ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතා ගාල්ල, කිතුලම්පිටිය ආනන්ද මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායකයනට නිල ලාංඡන පැලඳවීමේ උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමින් එසේ පැවසීය.
විදුහල්පති එම්. කමල් ශාන්ත මහතාගේ මග පෙන්වීම මත විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. ගාල්ල කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රදීපිකා සඳමාලි පතිරණ, අක්මීමන කොට්ඨාසයේ විදුහල්පති සංගමයේ සභාපති නිහාල් ප්‍රේමනාත් යන මහත්ම මහත්මීහු ද මෙම උත්සවයට සහභාගි වූහ. ශිෂ්‍යනායක මණ්ඩලය 89 දෙනෙකුගෙන් සමන්විත විය.
එහිදී තවදුරටත් අදහස් පළකර සිටි චන්දන අලහකෝන් මහතා මෙසේද කීවේය.
ළමයෙකුගේ ළමා කාලය ඉතා වටිනවා. ළමා කාලයක් තියෙන්නෙ ජීවිත කාලයටම එකවරයි. දරැවන්ගේ ළමා කාලය රටේ තිබෙන තරගකාරී අධ්‍යාපනය  උදුරාගෙන තිබෙනවා. ඒ නිසා අභියෝගවලට සාර්ථකව මුහුණ දී ගත නොහැකි අසමත් පුද්ගලයන් තමයි සමාජයට බිහිවෙන්නේ. මේ අය අභියෝග දකිනකොටම හැංගෙන්න තැනක් හොයාගෙන දුවනවා. හැමවිටම බියෙන් ජීවත්වෙනවා. අභියෝගවලටම ජයගන්න ඉඩදීලා ඔහේ බලාගෙන ඉන්නවා.
අපට හොඳ ළමා කාලයක් තිබුණා. ඒ කාලේ අපි ඇතිවන තුරැ සෙල්ලම් කළා. හතර අතින් අඳුර ගලාගෙන එද්දී තමයි තේරැණේ ගෙදරක් තියෙනවා. ගෙදර යන්න ඕනෑ නේද කියලා. හොඳට දුවලා පැනල සෙල්ලම් කළ නිසා අපට ලෙඩ හැදුණේ නැහැ. අද ඉන්න දරැවන් මාපියන් විසින් අව්ව, වැස්ස, පින්න දකිනකොටම ගෙට ඇදලා ගන්නවා. මේ නිසා දරැවන්ට පරිසරයත් එක්ක මිත්‍රවෙලා පරිසරයට බද්ධ වෙලා කටයුතු කරන්න ඉඩක් නැහැ. මේ විදියට හැදෙන දරැවෝ ලොකු වුණාම දුටු දුටු තැන පරිසරය විනාශ කරනවා. අද සමාජයේ ජීවත්වෙන බොහෝ දෙනා පරිසරය දකින්නේ තමන්ගේ සතුරෙක් ලෙසයි. මේ නිසා පරිසරය අපට ශාප කරනවා. ඔබත් මාත් පරිසරයට ආදරය හා සෙනෙහස දැක්වුවහොත් පමණයි පරිසරය විසින් අපව රුකගන්නේ.
(රත්ගම ගාමිණි මහදුර)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.