පරිසරය රුක ගැනීම පාසලෙන්ම ආරම්භ කරන්න -අධ්‍යාපන අධ්‍යක්ෂිකා දමයන්ති බාලසුරිය
- 2018-05-11 15:07:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පරිසරය රුක ගැනිමට අපිට නොහැකි වුවොත් මේ රට තව ටික කාලයයි පවතින්නේ. එම නිසා මේ පරිසරය රුක ගැනීමට අප නිරන්තරයෙන් කටයුතු කළ යුතුයි. පරිසරය රුක ගැනීම පාසලෙන්ම ආරම්භ කරන්නට හැකියි.
ඉසුරැපාය අධ්‍යාපන අමත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂිකා (කෘෂි කර්ම) දමයන්ති බාලසූරිය මෙනවිය මේ බව පවසන ලද්දේ කිරිවන් එළිය විද්‍යාලයේ පැවති පරිසර ගවේෂණ කඳවුර අමතමිනි.
මෙම පරිසර කදවුර දින තුනක් පුරා එම විද්‍යාල භුමියේදි පැවැත්වුණි. එහිදි වැඩි දුරටත් කතා කළ දමයන්ති බාලසූරිය මෙනවිය පරිසරය විනාශවන ආකාරය ගැන, පැවසුවේ මෙලෙසිනි. විෂ ආහාර ගැන, ජාන සොරකම ගැන අප මෙහිදී දැනුම්වත් වුණා.
මෙම කඳවුරට ලංකාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පාසල් 54ක සිසුන් පැමිණ සිටිනවා. මේ සිසුන්ගෙන් අප බලාපොරොත්තු වන්නේ මෙහිදී ඉගෙන ගන්නාදේ පාසලේ අන් අයටත් කියා දීමයි.
පරිසරය රුකගැනීම අප කාගේත් වගකීමක්. පරිසරය විනාශ වුණොත් අප කිසිවෙකුටත් නිසි ලෙස ජිවත් වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
මධ්‍යම පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂිකා චම්පා මායාදුන්නේ, හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක පී. ශ්‍රිධරන් , මෙම වැඩ සටහනේ ප්‍රධාන සංවිධායක නයන ප්‍රදීප් යන මහත්ම මහත්මීහුද මෙහිදී කතා පැවැත්වූහ.
(හැටන් සුදත් එච්. එම්. හේවා)
Reply To:
Name - Reply Comment
0 Comments