පල්ලේපොළ මහාබෝධි විදුහලේ සදීපා අපේකම ලොවට පෙන්වයි
- 2019-10-01 09:14:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රටවල් පනස් පහක සහභාගීත්වයෙන් චීනයේ බීජිං නුවර පැවති සංස්කෘතික උලෙළට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අපේ සංස්කෘතිය ලොවටම ජන ගීතයෙන් කියා පෑමට පල්ලේපොළ මහාබෝධි විදුහලේ අධ්‍යාපනය ලබන සදීපා ප්‍රබෝධණී සිසුවිය පසුගියදා සමත් වුවාය.
ඇයට මෙම අවස්ථාව උදාවීමට පෙර ඇය විසින් ජන ගීතයෙන් නූර්ති ගීතයෙන් දස්කම් රුසක් පා ඇත. සංස්කෘතික අමාත්‍යාංශයෙන් පැවති ජ්‍යෙෂ්ඨ ජන ගී ගායනා තරගයෙන් ප්‍රථම ස්ථානය ද 2018 වසරේ සමෘද්ධි අමාත්‍යාංශයෙන් පැවති ජාතික උලෙළේ දී ජන ගී තරගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ද ජාතික පුස්තකාල මණ්ඩලය සංවිධාන කළ තරගවලින් අඛණ්ඩවම වසර හතරක් පළාත් අභිමාන සම්මානය ද, යෞවන සමාජ ජන ගී ගායනා තරගවල දී මාතලේ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය ද දිනාගෙන ඇත.
4 වැනි ශ්‍රේණියේ සිට ජන ගී, නූර්ති ගී සඳහා සුවිශේෂ දක්ෂතා ඇති ඇය මේ වනවිට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායිකාවකි. ජාතික රෑපවාහිනියේ මුතුහර ගායනා තරගයෙන් දිවයිනෙන් දෙවැනි ස්ථානය දිනාගෙන ඇත. සදීපා ප්‍රබෝධණී ජන ගීතයෙන්, නූර්ති ගීතයෙන් දක්ෂතා දක්වා ඇත.

(පල්ලේපොළ - තිලක් ජයවර්ධන)
Reply To:
Name - Reply Comment
0 Comments