ප්ලාස්ටික් අවභාවිතයෙන් දුරැවෙමු - ලියන්වල ආනන්ද සමරකෝන් විදුහලේ ප්‍රදර්ශනයක්
- 2018-10-12 14:47:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක පරිසර දිනය නිමිත්තෙන් පාදුක්ක ලියන්වල ආනන්ද සමරකෝන් ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ පරිසර ළමා සමාජය විසින් &ප්ලාස්ටික් අවභාවිතයෙන් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු* යන තේමාව යටතේ සංවිධානය කළ නිර්මාණ ප්‍රදර්ශනයක් පාදුක්ක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා කුලරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් විදුහල් රංග ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති පී.ඒ.පී.ජයලාල් මහතාගේ මග පෙන්වීම යටතේ පරිසර ළමා සමාජ භාර ආචාර්යවරැන් වන හර්ෂණී ගුරැසිංහ සහ ජේ.එච්.ප්‍රේමවතී යන ගුරැ මහත්මීන් සංවිධානය කළ මෙම නිර්මාණ ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පාදුක්ක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා නෙරංජි කුලරත්න මහත්මිය සහභාගි වූවාය.
එම අවස්ථාවට විදුහලේ ආචාර්ය මණ්ඩලය ද සිසු සිසුවියෝ ද, මවුපියෝ ද සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments