ප්‍රබුද්ධ පාඨක සම්මානය තරගයෙන් මොරේතොට විදුහලට රන් පදක්කම් හයක්
- 2017-09-19 11:02:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැති ප්‍රබුද්ධ පාඨක සම්මානය- 2016 කියවීමේ තරගයෙන් රන් පදක්කම් 06 ක් දිනාගැනීමට හාලිඇල, බ/මොරේතොට විදුහලේ සිසු සිසුවියෝ සමත්ව සිටිති.
පුස්තකාලය මැනවින් පරිහරණය කිරීම හා කියවීමේ උනන්දුව මූලික නිර්නායක කරගනිමින් පවත්වන ලද මෙම තරගයෙන් රන් පදක්කම් හිමි කරගෙන ඇත්තේ බ/ මොරේතොට විදුහලේ ආර්.එම්.ජේ.සමන්ත, ටී.එම්.සෂිකා වත්සලා, එස්.ගීතාංජලී, ඩී.එම්.ප්‍රභාෂ්වර දිල්ෂාන්, ආර්.එම්.හෂාන් රත්නායක සහ ඩබ්.බී.එම්.ශෂිනි ලක්මාලි යන සිසු සිසුවියන්ය.
බ/මොරේතොට විදුහලේ විදුහල්පතිනි ජේ.පී.එස්.පතිරණ මහත්මියගේ උපදෙස් අනුව විද්‍යාලයීය පුස්තකාල භාර ආචාර්ය මහත්මියගේ මග පෙන්වීම මත ඔවුහු මෙම තරගයට ඉදිරිපත් වූහ.
(හාලිඇල- විජේරත්න රත්නායක)
Reply To:
Name - Reply Comment
0 Comments