පාදුක්ක අමරසිරි පද්මපෙරැම විදුහලෙන් ඩෙංගු මර්දන ප්‍රදර්ශනයක්
- 2018-05-15 20:22:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාදුක්ක අධ්‍යාපන කොට්ඨාසයේ පාදුක්ක අමරසිරි පද්මපෙරැම කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරැ දැරියන් විසින් පාසල් ප්‍රජාව දැනුම්වත් කිරීමේ අරමුණින් සංවිධානය කළ ඩෙංගු මර්දන ප්‍රදර්ශනයක් විදුහලේ දී පසුගියදා පැවැත්වුණි.
මිනිසා විසින් පරිසරයට මුදාහරින නොදිරන ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගනිමින් කෙරැණු නිර්මාණ රාශියක් එහිදී ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබුණි.
විදුහල්පති ආර්. සේමසිරි මහතාගේ මග පෙන්වීම යටතේ ආචාර්ය මණ්ඩලයේ ද සහයෝගයෙන් සිසු දරැ දැරියන් විසින් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් හෝමාගම අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා මාලනී මල්දෙනිය මහත්මිය සහභාගි විය.
එම අවස්ථාවට බෝජේ රාජසිංහ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ජේ. සී. කුමාර මහතාද, ගුරැ උපදේශකවරැ ද, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැ ද, මවුපියෝ ද සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments