පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨයට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්
- 2017-09-08 17:56:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයේ 2017 වර්ෂය සඳහා ශිෂ්‍යනායක නායිකාවන් 54 දෙනෙකුට ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීම හෝමාගම අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා (අධ්‍යාපන සංවර්ධන) පී. ඩී. අයි. කේ. පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් විදුහල් ශාලාවේ දී පසුගිය දා පැවැත්වුණි.
ඉන් අනතුරැව ශිෂ්‍යනායක නායිකාවන් වෙනුවෙන් පෞරැෂ සංවර්ධන වැඩසටහනක් ද සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට හෝමාගම අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඉරෝෂිණී පරණගම, පාදුක්ක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා නෙරංජි කුලරත්න, විදුහල්පති නිමල් බණ්ඩාර යන මහත්ම මහත්මීහු ද, අවට විදුහල් නියෝජනය කරමින් විදුහල්පතිවරැ ද, ශිෂ්‍යනායක නායිකාවෝ ද, සිසු සිසුවියෝ ද, මවුපියෝ ද සහභාගී වූහ.
( නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments