පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨයේ ඉංග්‍රීසි දිනය දා
- 2018-12-24 15:10:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයේ ඉංග්‍රීසි දිනය හෝමාගම අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා පී.ඩී.අයි.කේ.පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් විදුහල් ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
විදුහලේ සිසු සිසුවියන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තන් ඇතුළු අනෙකුත් ආරාධිත අමුත්තන් පිළිගැනීමෙන් පසු විදුහලේ තූර්ය වාදක මණ්ඩලය පෙරටු කරගනිමින් ඔවුන් සියලු දෙනාම ප්‍රධාන ශාලාවට කැඳවාගෙන ඒම සිදු කෙරැණි. උත්සවය වර්ණවත් කරමින් සිසුහු විවිධ නර්තන ඉදිරිපත් කිරීම සිදු කෙරැණි.
විදුහල්පති නිමල් බණ්ඩාර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය උත්සවය සංවිධානය කළහ.
එම අවස්ථාවට හෝමාගම අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා පී.ඩී.අයි.කේ.පරණගම, පාදුක්ක සහකාර ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක, පාදුක්ක සිරි පියරතන මහා විද්‍යාලයේ විදුහල්පති නිහාල් පද්මසිරි, අංගම්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ටී.බී. දිසානායක යන මහත්වරැ ද ආරාධිත අමුත්තෝ ද සිසු සිසුවියෝ ද, මවුපියෝ ද සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments