Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කෑගල්ල දිස්ත්‍රික් 2017 පාරිසරික බාලදක්ෂ දිනය සඳහා මෙවර යොදාගෙන තිබුණේ පින්නවල එළිමහන් සත්ව උද්‍යාන භූමියයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් රුසක බාලදක්ෂයෝ සහ බාලදක්ෂිකාවෝ 170 ක් මේ සඳහා සහභාගී වූහ.
ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබූ බාලදක්ෂ දිනයේ දී වැදගත් දේශන කිහිපයක් ද පැවැත්වුණි. තවද වන සතුන්ගේ තොරතුරැ, ජෛව විවිධත්වය, සතුන්ගේ චර්යා රටා, විෂ සහිත හා විෂ රහිත සර්පයන් මෙරටින් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ සත්ව විශේෂ පිළිබඳ ඔවුන්ව දැනුම්වත් කෙරිණි.
බාලදක්ෂයා යනු පරිසරය සමග ජීවත්වන පිරිසක් නිසාත් සතුන්ද පරිසරයේම කොටසක් වන නිසාත් බාලදක්ෂ පරිසර දිනය සත්ව උද්‍යානය තුළ සූදානම් කිරීම ඉතා වටිනා අවස්ථාවක් බව කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් දීපාල් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන අංශය මගින් පවත්වන ලද මෙම වැඩසටහනට පින්නවල සත්ව උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ මිහිරන් මැදවල මහතා ඇතුළු සෙසු නිලධාරිහුද බාලදක්ෂ නිලධාරීහුද විදුහල්පතිවරැද ගුරැවරැද රුසක් සහභාගි වූහ.
(කෑගල්ල - කපිල නන්දලාල්)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.