පාසල් උපකරණ ප්‍රදානයක්
- 2018-08-24 17:02:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිසු සහන මවුපිය කැපකරැ ශිෂ්‍ය ආධාර වැඩසටහන යටතේ නිමල් රෑපසිංහ මිත්‍රත්ව පදනම මගින් සංවිධානය කරන ලද ප්‍රාථමික විද්‍යාලයීය පාසල් සිසුන්ට 2018 වර්ෂය සඳහා අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ නොමිලේ ප්‍රදානය කිරීම මාකේවිට පණ්ඩුකාභය ප්‍රාථමික විදුහල් භූමියේ දී පසුගියදා පැවැත්වුණි.
කනුවන සාන්ත ජෝශප් කනිෂ්ඨ විදුහල, මාබිම විදුකර ප්‍රාථමික විදුහල, වැලිකඩ ධර්මපාල කනිෂ්ඨ විදුහල හා මාකේවිට පණ්ඩුකාභය ප්‍රාථමික විදුහල නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගි වූ සිසු දරැ දැරියන් 350 දෙනෙකුට මෙහිදී පොත් හා පාසල් උපකරණ නොමිලේ ප්‍රදානය කෙරිණි.
පණ්ඩුකාභය ප්‍රාථමික විද්‍යාලයීය සිසු සිසුවියෝ ගීත ගායනා, නර්තන ආදි විශේෂාංග රුසකින් උත්සවය අලංකාරවත් කළහ. මෙම අවස්ථාවට මාකේවිට රෝමානු කතෝලික දේවස්ථානයේ මීසම් පාලක මනෝරංජන් ද සිල්වා පියතුමා, රෑපසිංහ මිත්‍රත්ව පදනමේ නිර්මාතෘ නිමල් රෑපසිංහ මහතා හා එම පදනමේ ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවෝ ඇතුළු ආරාධිත පාසල්වල විදුහල්පතිවරැ, ගුරැ මහත්ම මහත්මීහූ රුසක් සහභාගි වූහ.
( මාකේවිට අර්නස්ට් ජයතිලක)
Reply To:
Name - Reply Comment
0 Comments