පාසල් සංගීත තරගාවලියෙන් යාය 5 නවෝද්යාවට ජයග්‍රහණ රුසක්
- 2018-05-18 13:56:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ දී තරග ඉසව් හතරකින් විශිෂ්ට දක්ෂතා දැක්වීමට රාජාංගන යාය 5 නවෝද්‍යා විද්‍යාලයේ සිසු දරැ දැරියෝ සමත්වූහ.
සමූහ තාල වාදන විවෘත අංශයේ 2 වැනි ස්ථානය සිසු සිසුවියන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම විසින් දිනාගනු ලැබීය. ටී. ඒ. සලිත ක්‍රිෂාන් ජයලත්, නිපුන පැතුම්, එන්. වී. ලක්ෂිත ප්‍රභාත්, ආර්. බී. පූර්ණි නිමේෂිකා, එස්.කවිදු සිතිජ, ආර්. ඩී. ලයනි වරැනිකා යන අයගෙන් කණ්ඩායම සමන්විත විය.
ජ්‍යෙෂ්ඨ රාගධාරි සිතාර් 2 වැනි ස්ථානය, කේ. එම්. නවෝද්‍යා මධුවන්තිට හිමිවිය. විවෘත ඒකල ශාස්ත්‍රීය තබ්ලා වාදන තරගයෙන් 3 වැනි ස්ථානය ආර්. බී. පූර්ණි නිමේෂිකා සිසුවිය දිනාගත් අතර කනිෂ්ඨ රාගධාරි බටනළා වාදන 3 වන ස්ථානය පී. ඒ. රස්මි තත්සරණී විසින් දිනාගනු ලැබීය.
මේ ජයග්‍රහණ උදෙසා කේ. ජී. පාලිත සෙනවිරත්න, ආර්. එම්. මධුශංඛනී මහේෂිකා යන විද්‍යාලයීය සංගීත ආචාර්යවරැ දෙපළ සහ විදුහල්පති ජයන්ත රත්නායක, පළාත් සංගීත අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුරංජි අම්මුදුවගේ යන මහත්ම මහත්මීහු කැපවී ක්‍රියා කළහ.
(ගිරිබාව - ඊ. එම්. ජේ. බණ්ඩාර)
Reply To:
Name - Reply Comment
0 Comments