පාසල් සිසු සිසුවියන් 23 දෙනෙකුගේ පොත් එළිදකී
- 2016-10-17 17:34:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිර්මාණි ලේඛක පුබුදුව හා සමාජ සංවර්ධන සංසදය මෙහෙයවීමෙන් පාසල් සිසු සිසුවියන් 23 දෙනෙක් විසින් රචිත පොත් පෙළක් සහ පසුගියදා කොළඹ 07, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී සිදුකෙරිණ.
එහිදීඑසාර සුමින්දිගේ ‘සිහින චාරිකා, මයාෂි හංසිකාගේ ‘මිහිකත කම්පා වුණේ ඇයි’, ඩිලූප දිසානායකගේ ‘අපූරු වනයක අබිරහස’, දෙව්මිණ ත්‍යංගනාගේ ‘ආදරයයි කරුණාවයි’, සඳුනි චතුරිකා ‘ජෙමි වීදියේ හෙල්මන හා මා හමුව’, පසිඳු උත්පල ලකිඳු ලංකාගේ ‘මේ මගේ කතාවයි’, ටී. පවන් කවීෂගේ ‘එළිය සොයා’, අරුණි ප්‍රාර්ථනාගේ ‘පුංචි මී මැස්සා’, දිනුත්තරා සාවින්දිගේ ‘ඇත්ත ගෙනා සතුට’, සෙනේජා අලස්ගේ‘අපි ඔක්කොම යාළුයි’, ශෂිනි ශ්‍යාමලී බණ්ඩාරගේ ‘දිරිය දියණිය’, විසිනි හෙමල්කාගේ ‘එකමුතුකම අගෙයි’, තනුෂිනි නෙත්මි කුමාරිගේ ‘අරුම පුදුම පැණි වළලු’, හිමන්සා අමා නෙත්මිගේ ‘කරුණාවන්ත දියකිඳුරිය’, සේමික කෙත්මින්ගේ ‘එකමුතුකම’, දෙව්නක ලෝමෙන්ගේ ‘අනගි මිතුදම’, නිපුනි තරුෂිකාගේ ‘හිරුෂියි යාළුවෝ’, ඔෂාන් සංජනගේ ‘අපූරු යාළුවෝ’, ප්‍රවීෂ සත්සරගේ ‘කළණ මිතුරෝ’, දිනෙත් තෙව්හුලගේ ‘සමගිය අගේ’, පසන් සන්දීපගේ ‘අපූරු සිහිනය’, චමිස්කා හර්ෂණිගේ ‘හැබෑම යාළුවා’, කුසත් රමික රණසිංහගේ ‘ අපූරු දඬුවම’, යන සිසුන් විසින් රචනා කළ ග්‍රන්ථවලට අමතරව, අග්‍රහැරේ කස්පස හිමියන් විසින් රචනා කරන ලද‘දිනක අරුම’, සුභානි පල්ලෙවෙල රචනා කළ‘හැමදාම යාළුයි’, උත්තමී අතුකෝරළගේ ‘සොඳුරු දමක බලය’, ආචාර්ය ජානකී ගලප්පත්ති මහත්මියගේ‘True Sporsmanship’, කෝනාර ගුණරත්න බණ්ඩාරයන්ගේ‘මනස්මෘභි’ ග්‍රන්ථ එළිදැක්විණි.
එම අවස්ථාවට ශාස්ත්‍රපති පූජ්‍ය අග්‍රහැරේ කස්පස හිමි, මහාචාර්ය ජේ.බී.දිසානායක, එම සිසු සිසුවියන්ගේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා දෙමාපියන් ඇතුළු රැසක් සහභාගී වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments