පැරකුම්පුර ජාතික පාසලේ තාක්ෂණික ප්‍රදර්ශනයක්
- 2017-10-06 21:44:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහව අධ්‍යාපන කලාපයට අයත්, පැරකුම්පුර ජාතික පාසලේ තාක්ෂණ අංශය සංවිධානය කළ ‘‘ විද්‍යා හා තාක්ෂණ‘‘ ප්‍රදර්ශනයක් එම විද්‍යාලයේදී පසුගිය දා පැවැත්වුණි.
පැරකුම්පුර ජාතික පාසල පිහිටා ඇත්තේ ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයට අයත් දුෂ්කර ප්‍රදේශය. මෙම විදුහලේ ඉගෙනුම ලබන ප්‍රදේශයේ ගොවි දූ පුතුන්ගේ නිර්මාණශීලී දක්ෂතා එළි දැක්වීමේ අරමුණෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය කළ බව විදුහල්පති එම්.පී. සරත් ආනන්ද මහතා පැවසීය.
මහව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එබ්ලිව්.එම්. අරැණ ශාන්ත මහතා ප්‍රධාන මහව තාක්ෂණ විෂය සහකාර අධ්‍යක්ෂ ඒ. ඩබ්ලිව්.බී. ලංසකාර, ගිරිබාව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එච්. එන්. එම්. විපුලසිරි හේරත්,පැරකුම්පුර ජාතික පාසලේ විදුහල්පති එම්.පී. සරත් ආනන්ද, එම විද්‍යාලයේ තාක්ෂණ විෂය බාර ටී.යූ.පී.කේ. බණ්ඩාර, ගණිත අංශයේ එච්.එන්.එල්.ටී.හේරත්, විද්‍යා අංශයේ සී.එල්. වඩුගේ සහ ජෛව පද්ධති අංශයේ ඒ. අබේසූරිය මහත්ම මහත්මීන්ගේ උපදෙස් හා සහභාගීත්වයෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය කෙරැණි.
දෙදිනක් පුරා පැවැති මෙම ප්‍රදර්ශනය විද්‍යා,තක්ෂණ සහ ජෛව පද්ධති, කලා අංශයන්ගෙන් සමන්විත වූ අතර එය නැරඹීම සඳහා එම ප්‍රදේශයේ පමණක් නොව ඒ අවට ප්‍රදේශවල පාසල්වල සිසු සිසුවියෝ , ගුරැවරැ ඇතුළු විශාල පිරිසක් පැමිණියහ.
Reply To:
Name - Reply Comment
0 Comments