Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික කියවීමේ මාසය වෙනුවෙන් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පුස්තකාල සංවර්ධන අංශය මගින් සංවිධානය කෙරැණු ශිෂ්‍ය කියවීමේ කඳවුරක් පැරූලිය ශ්‍රී ජිනරතන මහා විදුහලේ දී පසුගියදා පැවැත්වුණි.
අම්බලන්ගොඩ කලාපයේ පාසල් 5 ක සිසු දරැවෝ 150 ක් සහ ගුරැවරැ පිරිසක් මෙයට සහභාගි වූහ.
අන්තර්ජාලය භාවිතයෙන් භූමි පරිශ්‍රයක පිහිටීම හඳුනාගැනීම, ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය නිවැරදිව පරිශීලනය කිරීම, සිතියම් කියවීම, ගණිතාගාර භාවිතය, පුස්තකාලයක් මැනවින් පරිහරණය කිරීම හා භාවිතය සහ සෞන්දර්ය ක්‍රියාකාරකම් පිළිබඳ මෙම කියවීමේ කඳවුරේ දී දැනුම්වත් කෙරිණ.
දකුණු පළාත් පුස්තකාල සංවර්ධන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඉන්ද්‍රරත්න කළුආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් පැවැති මෙම කියවීම් කඳවුරට පැරූලිය ශ්‍රී ජිනරතන මහ විදුහලේ විදුහල්පති සරත් විතාරණ මහතා පහසුකම් සැපයූ අතර එම විදුහලේ ගුරැභවතුන් වන නිමාලි දීපිකා, ආර්. සුනිල් ද සිල්වා, ස්වීතා ඔගස්මා, ඒ. ඤාණසිරි යන මහත්ම මහත්මීහු සම්පත් දායකත්වය ලබා දුන්හ.
වත්මන් සිසුන් තුළ යහපත් ආකල්ප නොවීමේ කාලීන සමාජ ගැටලුවට විසඳුමක් ලෙසින් ඔවුන් තුළ යහපත් ආකල්ප සංවර්ධනය කෙරෙන්නේ කෙසේද යන්න ගැනද මෙම කියවීම් කඳවුරේ දී සිසුන් දැනුම්වත් කෙරිණ.
(හික්කඩුව අමරසේන විතානගේ)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.