පැරූලිය ශ්‍රී ජිනරතන විදුහලෙන් සිසු අත්කම්
- 2018-04-03 11:24:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තෙල්වත්ත, පැරූලිය ශ්‍රී ජිනරතන මහා විද්‍යාලයේ &සිසු විස්කම්* ප්‍රායෝගික තාක්ෂණ කුසලතා හා ගෘහ ආර්ථික විද්‍යා ප්‍රදර්ශනය එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි.
විදුහල්පති සරත් විතාරණ, ගෘහ ආර්ථික විද්‍යාල ආචාරිනී වයි. ආර්. එම්. ද සිල්වා යන මහත්ම මහත්මීන්ගේ මග පෙන්වීම මත ගෘහ ආර්ථික විද්‍යා ඒකකය මෙවර පස්වන වරටත් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි.
කේක් සහ කේක් ආකෘති, මල් සැරසිලි, ළමා සහ ළදරැ ඇඳුම්, තිර රෙදි, බිත්ති සැරසිලි, විවිධ අත්කම් සහ ආහාර පාන වර්ග ප්‍රදර්ශනයට තබා තිබුණි. තෝරාගත් හොඳම නිර්මාණ සඳහා ත්‍යාග හා සහතිකපත් පිරිනැමුණි. අම්බලන්ගොඩ කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා චින්තානි අතුකෝරාල, ගෘහ ආර්ථික විද්‍යා විෂය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා එන්. එන්. වන්නිආරච්චි, ගෘහ ආර්ථික විද්‍යා ගුරැ උපදේශිකා, සනලා වික්‍රමරත්න යන මහත්මීන් අතින් ප්‍රදර්ශනය විවෘත විය.
(රත්ගම ගාමිණී මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments