පෑලියගොඩ එච්.එම්.ධර්මදාස විදුහලේ නායකත්ව සංවර්ධන කඳවුර දා...
- 2019-01-11 14:13:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අරැණැල්ලක ප්‍රභාස්වර පරිසර හා චර්යා සංවර්ධන නායකත්ව තෙදින කඳවුරැ මාලාවේ තවත් එක් කඳවුරක් පෑලියගොඩ එච්.එම්.ධර්මදාස විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට විදුහල්පතිනි කේ.කේ.එස්.එන්.වික්‍රමආරච්චි, මහනගර සභා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ජයවිලාල් ප්‍රනාන්දු ඇතුළු මහත්ම මහත්මීහු රුසක් සහභාගි වූහ.
ශිෂ්‍යනායක නායිකාවෝ සියයකට ආසන්න ප්‍රමාණයක් කඳවුර සඳහා සහභාගී වූහ. මෙවර ද කඳවුර ප්‍රවීණ ජනමාධ්‍යවේදී නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා විසින් මෙහෙයවන ලදී.
මෙම කඳවුර මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශයේ පාඨලි චම්පික රණවක මහතාගේ දැක්මකට අනුව විජය ළමා පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වන ලදී.

මෙම නායකත්ව සහ පෞරැෂ සංවර්ධන කඳවුරැ ගැන තොරතුරැ දැනගැනීමට විජය පුවත්පත අමතන්න.
(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments