පොල්අතු මඩුවක ශ්‍රී ලංකාවේ මුල්ම ගණිතාගාරය ආරම්භ කළ මො/ මියනකඳුර විදුහලට නව ගණිතාගාරයක්...
- 2018-10-08 15:49:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නීරස ගණිතය මීරස කරමින් විනෝදාත්මක ක්‍රීඩා තුළින් ගණිතය ඉගෙනගන්නා ක්‍රමවේදයක් ලෙස ගණිතාගාර සංකල්පය පන්තියට ගෙනයමින් ලංකාවේ මුල්ම ගණිතාගාරය පිහිටවූ මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර මො/ මියනකඳුර මහ විදුහල සඳහා අංග සම්පූර්ණ නව ගණිතාගාරයක් ලබාදීම පසුගියදා සිදුකෙරිණි.
ප්‍රායෝගිකව එම ගණිතාගාර සංකල්පය පාසල තුළට ගෙනගිය මිදිගම ධර්මසිරි හෙන්ගොඩගේ මහතා ගණිත ගුරැවරයෙකු ලෙස මුලින්ම සේවය කළ මො/ මියනකඳුර මහ විදුහල බඩල්කුඹුර අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි ඉතා දුෂ්කර ගම්බද පාසලකි. දැනට වසර 18 කට පමණ පෙර එහි ස්ථාපිත කෙරැණු ගණිතාගාරය මේ වන විට ඩොමිනෝ කැට, සුදෝකු ප්‍රහේළිකා, බහුගුණක ලුහුබැඳීම, වඩුගැටය, සංඛ්‍යා මාවත, නෙරෙංචි පුවරැව ඇතුළු නව නිර්මාණාත්මක හා විනෝදජනක ආකාරයේ ක්‍රීඩා 100 කට අධික සංඛ්‍යාවක් සහිතව ලංකාවේ පාසල් 1000 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික අධ්‍යාපන ආයතනය ඇතුළු අදාළ අංශ මඟින් ලංකාවේ පාසල්වල ගණිත ප්‍රතිඵල ඉහළ නැංවීමේ අරමුණින් ගත් තීරණයක් මත වර්ෂ 1998 දී ලංකාවට පැමිණි කැනේඩියානු ජාතික ටොම් ඕ ෂියා නම් විෂය මාලා සංවර්ධනය
පිළිබඳ මහාචාර්යවරයා ගෙන ගිය වැඩ පිළිවෙළ යටතේ පාසල තුළ ගණිත පරිසරයක් ඇතිකිරීම සම්බන්ධයෙන් එවක මොණරාගල දිස්ත්‍රික්කයේ ගණිත විෂයය භාරව සිටි පියරත්න මහතා කළ දේශන තුළින් ධර්මසිරි හෙන්ගොඩගේ මහතාගේ ගණිතාගාර සංකල්පය රෝපණය විය. කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාරක භාරයේ පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් අංග සම්පූර්ණ ගණිතාගාරයක් පසුගියදා පිහිටුවන ලද අතර කොමර්ෂල් බැංකුවේ පස්සර ශාඛාවේ කළමනාකරැ විජිත විජේසූරිය, බලංගොඩ හල්පෙ ගුරැ මධ්‍යස්ථානාධිපති ඩබ්.එම්.වෙහෙරගොඩ, බඩල්කුඹුර කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ ජේ.එම්.එස්.කේ.ජයසිංහ, මො/ මියනකඳුර මහ විදුහලේ විදුහල්පති ඩී.එම්.නවීන්ද්‍ර බණ්ඩාර යන මහත්වරැද මියනකඳුර චේතියාරාමාධිපති පූජ්‍ය වැවතැන්නේ වංශානන්ද හිමි සහ විදුහලේ ගණිත විෂය භාර ඩබ්.එම්. සංජීව ධර්මප්‍රිය, එච්.එම්.එන්.සුභාෂණ, එම්.ඩී.ටී.සම්පත් යන මහත්වරැ ඇතුළු විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයද සිසු සිසුවියෝද මවුපියෝ විශාල පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වූහ.
( සටහන හා සේයාරෑ:
හාළිඇළ - විජේරත්න රත්නායක )
Reply To:
Name - Reply Comment
0 Comments