බටලීය කනිෂ්ඨයේ නව ශිෂ්‍යනායක නායිකාවෝ දිවුරැම් දෙති
- 2017-09-18 14:19:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බටලීය කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් 35 දෙනෙකුට නිල ලාංජන පැලඳවීමේ උත්සවයක් එම විදුහලේදී පසුගියදා පැවැත්වුණි.
ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නායිකාවෝ 10 දෙනෙක් හා ජ්‍යෙෂ්ඨ අංශයේ ශිෂ්‍ය නායක නායිකාවෝ 25 දෙනෙක් මෙදින නිල ලාංජන පැලඳියහ. ඒ සඳහා ආචාර්ය මණ්ඩලය සමග එම සිසු සිසුවියන්ගේ මවුපියෝ සහභාගී වූහ.
ප්‍රාථමික අංශයේ ප්‍රධාන ශිෂ්‍ය නායක වශයෙන් ළහිරැ නිර්මාල් ද, ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වශයෙන් කවීෂා පියුමි ශිෂ්‍යාව ද මෙහිදී දිවුරැම් දුන්හ. ඔවුනට නිල ලාංජන පැලඳවීම සිදු කෙරැණේ ප්‍රාථමික අංශ භාර ඒ.නන්දනී ගුරැ මහත්මිය විසිනි.
ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රධාන ශිෂ්‍යනායක වශයෙන් ජී.ආර්. සචින්ද්‍ර දිල්ශාන් හා ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වශයෙන් ජී.ආර්. නිමේශා රංගනී යන දෙපළට නිල ලාංජන පැලඳවීම විදුහල්පති ඩබ්ලිව්.ජී.ඒ.කේ. විතානාරච්චි මහතා අතින් සිදුවිය.
විද්‍යාලයීය උප ප්‍රධාන ශිෂ්‍යනායකයා හා නායිකාව ලෙස ඒ.එම්. ඉසුරැ එරංග බණ්ඩාර හා ඩබ්ලිව්.කේ තරැෂි නවෝද්‍යා මෙහිදී පත්වීම් ලදහ. සෙසු සිසු නියමුවන්ගේ නිල ලාංජන ඔවුනගේ මව හෝ පියා විසින් පලඳවනු ලැබිණි.
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments