බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනික ප්‍රදර්ශනයේ සමාප්ති උලෙළ දා
- 2017-09-12 14:26:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ අධ්‍යාපනික ප්‍රදර්ශනයේ සමාප්ති උලෙළ හා තිළිණ ප්‍රදානය ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්වුණි.
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති ක්‍රිෂ්ටෝපර් බාලරාජ් පියතුමාගේ උපදෙස් සහ මග පෙන්වීම මත ගුරැ මණ්ඩලය සහ සිසුහු ප්‍රදර්ශනය ඉදිරිපත් කළහ.
ප්‍රදර්ශන සඳහා පාසල් සිසුන්,රාජ්‍ය හා පෞද්ගලික අංශය නිර්මාණ රුසක් ඉදිරිපත්කර තිබිණි.
මෙදින පාසල් සිසුන්ගේ නිර්මාණ රුසක් ප්‍රධාන අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක්වූ අතර ඔවුනට තිළිණ ප්‍රදානය කිරීම ප්‍රධාන අමාත්‍යයවරයා අතින් සිදුවිය.
උත්සවයේ අවස්ථා කීපයක් මෙහි දැක්වේ.
(වියලූවේ නිශාන්ත කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments