බදුල්ල අම්පිටිය විදුහලෙන් ප්‍රායෝගික තාක්ෂණ කුසලතා ප්‍රදර්ශනයක්
- 2018-08-02 11:45:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බදුල්ල අම්පිටිය මහා විද්‍යාලයේ වාණිජ අංශය මගින් සංවිධානය කරන ලද ප්‍රායෝගික තාක්ෂණ කුසලතා එළිදැක්වීමේ ප්‍රදර්ශනයක් සහ වැඩමුළුවක් එම විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
විද්‍යාලයේ විදුහල්පති ටී.එම්.එස්.පී.තෙන්නකෝන් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම ඇතිව වාණිජ අංශයේ එස්.පී.කුමාර, සුනේත්‍රා කුමාරී, ගුරැ මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීම ඇතිව 7,8 හා 9 ශ්‍රේණිවල ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂය හදාරන සිසුන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
ආහාර තාක්ෂණ, දේශීය අත්කම් නිෂ්පාදනය ඇතුළු නව නිර්මාණ රුසක් මෙම ප්‍රදර්ශනයට හා වැඩමුළුවට එක්කර තිබුණි. මෙම වැඩසටහන සඳහා 7,8 හා 9 ශ්‍රේණිවල සියලු ගුරැවරැන්ගේ සක්‍රීය දායකත්වය සහ සහයෝගය ලබා දී තිබුණි. මෙම නිර්මාණ ප්‍රදර්ශනයෙන් හා වැඩමුළුවෙන් දස්කම් දක්වන සිසුන්ගේ නිර්මාණ කලාප හා කොට්ඨාස මට්ටමින් පැවැත්වෙන කුසලතා ශතකය ශිල්ප ප්‍රදර්ශනය සඳහා යොමු කරන බව විදුහල්පති ටී.එම්.එස්.පී.තෙන්නකෝන් මහතා පැවසීය.
(පස්සර කහටරැප්ප ගාමා වීරසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments