බදුල්ල විහාරමහාදේවි බාලිකාවේ විදුහල්පතිනිය කලාපයේ හොඳම විදුහල්පතිනිය වෙයි
- 2018-01-22 11:53:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගුරැ ප්‍රතිභා ප්‍රභා 2017 සම්මාන උලෙළේ දී ඌව පළාතේ 1 ඒබී පාසල් අතරින් ඇගයීමට ලක්වු බදුල්ල කලාපය නියෝජනය කළ බදුල්ල විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි උපේන්ද්‍ර නයනකුමාරි පියසේන මහත්මිය මෙවරත් හොඳම විදුහල්පතිනිය ලෙස සම්මානයට පාත්‍ර වූවාය .
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුරැ ප්‍රතිභා ප්‍රභා ,ගුරැ විදුහල්පති ඇගයීම් සම්මාන උලෙළේ දී තෙවතාවක්ම මෙසේ හොඳම විදුහල්පතිනිය ලෙස ඇය සම්මානයට පාත්‍ර වූවාය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී කථානායක කරැ ජයසූරිය ,අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ,අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් මොහොට්ටි ආරච්චි ,යන මහත්වරැන් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් උලෙළ පැවැත්වුණි.
Reply To:
Name - Reply Comment
0 Comments