බප/ හෝ/ කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලයේ ශිෂ්‍යත්ව හපන්නු
- 2017-12-06 12:17:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලින් කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලයේ සිසුහු 41 දෙනෙක් ඉහළ ලකුණු ලබා සමත් වී සිටිති. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර කාලපයේ වැඩිම සිසුන් පිරිසක් සමත් වූ පාසල වශයෙන් මෙම විද්‍යාලය කලාපයේ පළමු තැනට පත් වී තිබේ.
ලකුණ 191 ක් ලබා හසඳ මෙත්සර සිසුවා සහ මින්දුනී ප්‍රේමතිලක සිසුවිය පාසලේ පළමු ස්ථානය දිනා කෙළඹ දිස්ත්‍රික්කයේ 8 වැනි ස්ථානය හිමි කර ගෙන ඇත. ඔෂාධි රාජරත්නම් සිසුවිය ලකුණු 186 ක් ලබා පාසලේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. සමස්තයක් ලෙස ලකුණු 100 ට වඩා වැඩියෙන් ලැබූ සිසුන් සියයට අසූ දෙකක ප්‍රතිශතයක් සිටීම මෙම පාසලේ විශේෂත්වයකි.
පහ වසර පන්තිභාර දිමුතු සුරංග, සී. ආර්. ගුරැගේ, රිෂානි බොහොරාන්, සහ කුමුදුණී පෙරේරා යන ගුරැමහත්ම මහත්මීන්ගේ ඉගැන්වීම් දක්ෂතාව හා කැපවීමත් ප්‍රාථමික අංශයේ සියලු ගුරැ භවතුන්ගේ මගපෙන්වීම හා කැපවීමත් මෙම ජයග්‍රහණය සඳහා හේතු විය.
පාසල් දිනවල සවස තුන වනතුරැ ඉගැන්වීම් කටයුතු කිරීම, ශිෂ්‍යත්ව පෙරහුරැ පරීක්ෂණ පැවැත්වීම, හා නිවාඩු කාලයේ දී පෙරහුරැ පරීක්ෂණ සඳහා දරැවන් යොමු කිරීම හා නිදහස් පරිසරයක ක්‍රියාශීලී ක්‍රීඩා කුසලතා එළි දැක්වීමට අවස්ථාව සැලසීම සිසුන්ගේ මෙම ජයග්‍රහණය සඳහා හේතු වූ බව විදුහල්පතිතුමා වැඩි දුරටත් පැවසීය.
පාසලේ විදුහල්පති අනුර මොහොට්ටි මහතාගේ අධීක්ෂණයෙන් ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පතිනී ඒ. ඩී. පී. පුෂ්පිකා සහ ප්‍රාථමික අංශ ප්‍රධාන ඉන්ද්‍රාණි ස්වර්ණලතා යන ගුරැභවතුන්ගේ මගපෙන්වීම සිසුන්ගේ ජයග්‍රහණය සඳහා ශක්තියක් විය.
(ශිරෝන් ස්වර්ණසිරි)
Reply To:
Name - Reply Comment
0 Comments