බ/මොරේතොට විදුහලේ ශිෂ්‍ය නායකයන්ට පදක්කම්
- 2019-03-01 13:12:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හාලිඇළ අධ්‍යාපන කොට්ඨාසයට අයත් බ/මොරේතොට විදුහලේ නවක ශිෂ්‍යනායක නායිකාවන් සඳහා පදක්කම් පැලඳවීමේ උලෙළ බදුල්ල පොලීසියේ සේවාස්ථ පුහුණු ආයතනයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේදී පසුගියදා පැවැත්විණි.
ශිෂ්‍යනායක නායිකාවන්ට පදක්කම් පැලඳවීම ආරාධිත අමුත්තන් හා මවුපියන් අතින් සිදුකෙරැණි. මෙදින ශිෂ්‍යනායක නායිකාවන් 06 දෙනෙකුට නිල ලාංඡන පලඳවනු ලැබිණි.
බ/මොරේතොට විදුහලේ විදුහල්පතිනි ජේ.පී.එස්.පතිරණ මහත්මියගේ උපදෙස් මත විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ආචාර්ය කේ.එම්.රංජිත් ධර්මසිරි මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණි.
( හාලිඇළ- විජේරත්න රත්නායක )
Reply To:
Name - Reply Comment
0 Comments