බලගොල්ල විද්‍යාලයේ -නවක ශිෂ්‍යනායක නායිකාවන්ට හා පන්තිනායක නායිකාවන්ට නිල ලාංඡන
- 2018-06-15 21:26:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මීගහකිවුල අධ්‍යාපන කලාපයට අයත් බ/ බලගොල්ල විද්‍යාලයේ නවක ශිෂ්‍යනායක නායිකාවන්ට හා පන්තිනායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීම විදුහල්පති අතුල යාපා බණ්ඩාර මහතාගේ සහ මීගහකිවුල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ සැලසුම් නිලධාරී ඩී. එම්. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්වුණි. විද්‍යාලයීය ගුරැ මණ්ඩලය උත්සවය සංවිධානය කොට තිබුණි.
මවුපියන් හා ආරාධිතයන් අතින් නිල ලාංජන පැලඳවීමෙන් අනතුරැව පහනක් අතින් ගත් නවක නායක නායිකාවෝ එම තනතුරේ හා පාසලේ ගෞරවය ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක්ද ලබා දුන්හ.
විද්‍යාලයේ නර්තන කණ්ඩායම නර්තන අංග කිහිපයක් ඉදිරිපත් කරමින් උත්සවය රසවත් කළෝය. උත්සවයේ අවස්ථා කීපයක් මෙහි දැක්වේ.
(වියලුව වාර්තාකරැ නිශාන්ත කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments