Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අනාදිමත් කාලයක සිට මෙරටේ ජනතාව සාමයෙන්, සමගියෙන් සිටියේ. මොන අභියෝග ආවත් ජනතාව තුළ සාමය සමගිය ඇති කිරීමෙන් රටක් දියුණු කළ හැකි යැයි තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු ඇමති ඒ. එච්. එම්. හලීම් මහතා පැවසීය.
බලපිටිය වැලිතර එක්සත් යෞවන සමාජය මගිල් බලපිටිය අහදියා දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය සහ මුහම්මද් නබි තුමාගේ ඡන්මදිනය නිමිත්තෙන් පැවැති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව කීය.
වසර තිහක් තිස්සේ තිබූ මේ රටේ යුද්ධය නිසා සාමය බිඳී ගිය බවත්, රටේ අනාගතය භාර ගැනීමට සිටින දරැ පරපුරට සංහිදියාව, සාමය ගැන අවබෝධය ලබාදීම අප හැම දෙනාගේම වගකීම බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමිද බලපිටිය රෝමානු කතෝලික දේවස්ථානයේ බර්නාඩ් විජේරත්න පියතුමා ද, දකුණු පළාත් සභා මන්ත්‍රී අසෝක ධනවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්ම කතා කළහ.
(බලපිටිය - එස්. ඒ. වයි. ද සිල්වා)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.