Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බස්නාහිර පලාතේ පාසැල් 1310 අතරින් සාර්ථකම විදුහල්පතිවරයා ලෙසට වලල්ලාවිට අධ්‍යාපන කොට්ඨසයේ මීගහතැන්න මෙරිල් කාරියවසම් මධ්‍ය මහා  විදයාලයේ සමන් ප්‍රියන්ත ජයසිංහ මහතාට මෙවර සුපසන් ගුරු අභිමාණි ප්‍රණාම සම්මාණය හිමි වි තිබේ.

බස්නාහිර පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින්  මෙම උපහාරය පසුගියදා කොළඹ අශෝක විද්‍යාලයේදි නියොජ්‍ය කතා නායක තිලංග සුමිතිපාල මහතා අතින් පිරිනැමුණු අතර විදුහල්පතිවරයා පිළිගැනිමට ආචාර්ය මණ්ඩලය මිගහතැන් විද්‍යාල පරිශ්‍රයේදී ද  චාම් උත්සවයක් ද පැවැත්විණි.

දරු දැරියන්ගේ  තූර්ය වාදක අංග රැගත් පෙරහැරින් විදුහල්පතිවරයා කැඳවාගෙන ගොස් විද්‍යාලය වෙනුවෙන් ද  කුසලානයක් පිරිනැමුණු අතර වලල්ලාවිට කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂඑම් ජී. කුලතුංග  මහතා අතින් එය පිරි නැමිණි. විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරුන් සහ ගුරු මහත්ම මහත්මින් රැසක්ද මේ සඳහා එක් විය.

සමන් ප්‍රියන්ත මහතා ගේ වෘත්තීය  සේවා කාලය වසර 27 කි. එකී කාලය තුළදි ඒ මහතා මිරිස්වත්ත නවොද්‍යා විද්‍යාලය හේවෙස්ස කනිෂ්ඨ විද්‍යාලය පැලවත්ත මහ විද්‍යාලය ආසි පාසල් වලද සේවය කර ඇත. මෙම ප්‍රණාමය සඳහා ඔහු නිර්දේශ වි ඇත්තේ පැලවත්ත මහ විද්‍යාලයේ දිය. බස්නාහිර පලාත් අධ්‍යපන  සේවා දෙපාර්තමේන්තුව මගින්  පාසල් වර්ගි කරණය අනුව විද්‍යා කලා වාණිජ යන අංශ තුනම  ඇති පාසල් අතරින් මෙම සම්මානය සඳහා සුවිශේෂි නිර්ණායකයන් තෝරාගෙන ඇත. පාසල් කළමනාකරණය පාසල් පිරිපත භෞතික දැක්ම මූල්‍ය කළමණාකරණය  විභාග ප්‍රථිඑල පාසල් ප්‍රජා සම්බන්ධතා ක්ෂේත්‍ර පරියේෂණ පලකළ නිබන්ධන ආදි එම නිර්ණායකයන් අතර කිහිපයකි.

(සේයා රූ සහ සටහන - විශ්ව ගැමුණු ප්‍රියංකර) 

2

====================================

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.