Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල අංශයේ මෙහෙයවීමෙන් කොළඹ ශාන්ත ජෝන් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලද “හයෙන් පෙරට“ භාෂා හුරුව පිළිබඳ වැඩමුළුව බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ප්‍රාථමික අධ්‍යාපනයේදී අවශ්‍ය ඉගෙනුම් නිපුණතා හා ළඟාවිය යුතු භාෂා කුසලතා හා නිපුණතා මට්ටම් අසම්පූර්ණව 6 ශ්‍රේණියට ඇතුළත්වන දරුවන් සංවර්ධනය කිරීමේ අරමුණව බස්නාහිර පළාතේ සිංහල විෂය භාර අධ්‍යක්ෂ නයනා දීප්ති ගුණරත්න මහත්මියගේ ව්‍යාපෘති සංකල්පය හා සැලැසුම මත මෙම වැඩසටහන සංවිධානය කර ක්‍රියාත්මක කෙරිණ.

 බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් 2016 වර්ෂයේ සිට අරඹන ලද “හය වසරකට හයෙන් ඇරඹුම” ව්‍යාපෘතිය මගින් 6 වන ශ්‍රේණියේ සිට දරුවා ක්‍රමානුකූලව සකස් කිරීමට පියවරගෙන තිබේ. ඊට සමගාමීව සිංහල අංශය මගින් ක්‍රියාත්මක කෙරෙන “හයෙන් පෙරට ” භාෂා හුරුව ග්‍රන්ථය පිළිබඳ වැඩමුළුව සඳහා 6 වන ශ්‍රේණියේ උගන්වන ගුරුවරුන්, චතුර්විධ භාෂා කුසලතා සංවර්ධනය විය යුතු 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු දරුවන් සහභාගි කර ගන්නා ලදී. මෙම  අවස්ථාවට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් කලාප වල සිංහල විෂය අධ්‍යක්ෂවරුන්, ගුරු උපදේශකවරුන් සහ විදුහල්පතිවරුන් ද සහභාගි වූහ.  

 20170303_101345 20170303_102940 20170303_10312720170303_103906 20170303_104714 20170303_104903 20170303_105117 20170303_105124 20170303_105558 20170303_120831 DSC05931 DSC05946 DSC05953 Untitled-1 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.