Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අරමුණ කරා ගමන් කිරීමේ දී විවිධ අවස්ථාවල දී පසුබෑම්වලට ලක්වෙනවා. ඒවා පසුබෑමක් ලෙස නොගෙන එය අරමුණ වෙත යන්නට ශක්තියක් බවට පත්කරගත යුතුයි. ප්‍රථම වරට එවරස්ට් කන්ද තරණය කළ ශ්‍රී ලාංකික කාන්තාව වන ජයන්ති කුරැ උතුම්පාල යන මහත්මිය පැවසුවාය. ඇය එසේ පැවසුයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේ පැවති රැවනාර ගුවන්විදුලි ළමා සමාජයේ මාසික සභා වාරයට සහභාගි වෙමිනි.
මෙවර සභා වාරය සභාපතිනි වොවිනි කහවේ විතාන සහ ලේකම් නේහා දෙව්මිණි යන දැරියෝ මෙහෙය වූහ. මෙම අවස්ථාවට සිංහල සේවා අධ්‍යක්ෂ භාතිය ජයතිලක, සංගීත අංශය මෙහෙය වූ දර්ශන රත්නායක, යොහාන් පීරිස් මහත්වරැ සහභාගී වූහ. 
මෙවර සංගීත කණ්ඩායම මෙහෙය වූයේ තනුර මන්ජිත පීරිස් විසිනි. රැවනාර ළමා සමාජය සැලසුම් කර නිෂ්පාදනය කරනු ලැබූයේ ප්‍රයන්තනී ගමගේ යහම්පත් මහත්මිය විසිනි. ඔබට ද රැවනාර ළමා සමාජයේ මාසික රුස්වීම් සඳහා සහභාගි වීමට රැවනාර ළමා සමාජය, ස්වදේශීය සේවය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, කොළඹ 07 ලිපිනයට ඔබේ දුරකථන අංකය ඇතුළත් කර ලිපියක් එවීමෙන් අවස්ථාවන් ලබාගත හැකිය.
මෙවර වැඩසටහන සැප්තැම්බර් මස 15 වැනිදා සවස 05 ට (91.7, 91.9 එෆ්.එම්) ස්වදේශිය සේවය ඔස්සේ ශ්‍රවණය කළ හැකිය.
(රැෂිරැ තරංග)


 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.